Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2024 13:50:07 Hours

විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

පූජ්‍ය නාඋල අතුල හිමිපාණන් සහ පූජ්‍ය මුරුද්දෙණියේ සුජාත හිමිපාණන්ගේ ආරාධනයකට අනුව විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන මාතලේ, මඩවල උල්පත මහමෙවුනා අසපුව සහ මිනුවන්ගොඩ, යටියන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී 2024 මාර්තු මස31 දින පැවැත්විණි.

විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ විශේෂ බලකා සාමාජිකයින් 50 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වී මාතලේ රෝහලේ ලේ බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කළහ.