2019-01-16 15:11:14
යුද්ධ හමුදා මූලස්ථානයේ 29 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි බදාදා (16) දින පැවැති උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී. මේජර් ජෙනරාල් වන්නිආරච්චි යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත්වලින් අනතුරුව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ.
2019-01-16 11:20:30
මොරටුව විශ්ව විද්‍යාලයේ රියෝ සමාජයේ උපාධි අපේක්ෂිත සිසුන් පිරීසක් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් පාසැල් සිසුන් තුළ සංහිඳියාව, සුහදත්වය සහ සහෝදරත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනය උඩුත්තුරෙයි මහා විද්‍යාලයේ සහ අලියාවලෙයි CCTM මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන්...
2019-01-16 10:30:26
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි 10 වන ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 25 වන සංවත්සරය සෙනසුරාදා (12) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2019-01-16 09:30:07
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පමය යෝජනාවක් මත ක්‍රියාත්මක කෙරෙන රොෂාන් විජේරාම පදනමේ වාර්ෂික පාසැල් උපකරණ පරිත්‍යාග වැඩසටහන මෙවර ද වෙහෙරතැන්න රොෂාන් මහනාම ප්‍රාථමික විද්‍යාලයේ දී එහි නිර්මාතෘ වන හිටපු ක්‍රිකට් ක්‍රිඩක රොෂාන් මහනාම මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (13) දින සිදු කෙරිණි.
2019-01-16 09:15:26
වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීම සනිටුහන් කිරීම වෙනුවෙන් ශ්‍රී පාද මස්ථක මහමළුවේ පිහිටි සමන් දේවාලය වෙත සමන් දෙවිදුන්ගේ පිළිරුවක් වැඩම කරවා තැන්පත් කිරීම 2018 දෙසැම්බර් මාසයේ යෙදුණු උඳුවප් පොහෝය දිනයේදී ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු 130 දෙනෙකුගෙන් සමන්විත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
2019-01-16 09:00:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ජනවාරි මස 11 දින සිට 13 දින දක්වා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කිරිවානගම මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලදී. මෙම නායකත්ව පුහුණු වැඩමුළුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වාගේ සහයෝගය මත පවත්වනු ලැබීය.
2019-01-16 08:44:19
12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනීම සඳහා සඳුදා (14) දින හම්බන්තොට පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී සිය ධූරයෙන් නික්ම යන ලදී.
2019-01-14 12:52:00
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද සඳුදා (14) දින ආගමික වතාවත් මධ්‍යයේ, සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බිමල් විදානගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද නව ධූරයේ රාජාකාරී ඇරඹීය.
2019-01-14 12:20:00
මුලතිව් ප්‍රදේශයේ සුගන්දිපුරම් දමිළ මහා විද්‍යාලය සහ ඉරට්ටමඩු දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ගංවතුරෙන් පීඩාවට පත් සිසුන් 400 ක් වෙත ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව පාසල් උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් සුගන්දිපුරම් දමිළ මහා විද්‍යාල පරිශ්‍රයේ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කරනු ලැබූ උත්සවයකදී බෙදාදෙන ලදී.
2019-01-14 12:07:51
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විශ්වමඩු, මනික්කපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් පිළිබඳ අවධානය යොමු කරමින් කිලිනොච්චි භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද නව නිවසක් බ්‍රහස්පතින්දා (10) දින එම පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදී.