Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2019 12:20:00 Hours

‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතියට සමගාමීව මූලතිව් ප්‍රදේශයේ සිසුන් 400 කට පාසල් උපකරණ බෙදාදෙයි

මුලතිව් ප්‍රදේශයේ සුගන්දිපුරම් දමිළ මහා විද්‍යාලය සහ ඉරට්ටමඩු දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ගංවතුරෙන් පීඩාවට පත් සිසුන් 400 ක් වෙත ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව පාසල් උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් සුගන්දිපුරම් දමිළ මහා විද්‍යාල පරිශ්‍රයේ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය සංවිධානය කරනු ලැබූ උත්සවයකදී බෙදාදෙන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සිදුකරනු ලැබු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්ට සමගාමීව ගංවතුරෙන් පීඩාවට පත් සිසුන්ට සහන සැලසීම සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් ‘සෙනෙහෙ සියපත’ නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඒ අනුව, 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. ආරියසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී සිසුන් සඳහා මෙම පාසල් උපකරණ තොගය බෙදාදුන්හ. තවද මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස මූලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීෂ්වරන් මහත්මිය සහභාගි විය.

සුගන්දිපූරම් දමිළ මහා විද්‍යාලයේ පැවැති මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය සඳහා අනුග්‍රහක ඩයලොග් අසියාටා පුද්ගලික සමාගමේ නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ පාසල් ළමුන් රැසක් සහභාගි වූහ.bridgemedia | Sneakers