2024-12-13 07:02:38
අම්පාර සටන් පුහුණු පාසල මගින් කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 සහතිකපත් ප්‍රදානෝත්සවයකින් 2024 දෙසැම්බර් මස 09 දින අවසන් විය.
2024-12-13 06:00:38
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘ශ්‍රී ලංකාවේ භයානක මත්ද්‍රව්‍ය භාවිතයේ වත්මන් ගැටළු’ තේමාව ඔස්සේ 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 12 දින දේශනයක් පැවැත්විණි.
2024-12-12 15:43:08
ලංකා ප්රවීණයන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද T20 ක්‍රිකට් තරඟාවලිය 2024 දෙසැම්බර් 08 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2024-12-12 15:40:43
122 පාබල බලසේනාවේ සහ 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 08 දින යෝධකණ්ඩිය, වැවයාය, කාකබෝධි විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-12 07:04:18
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 09 දින එම මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-12-12 00:42:55
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් එම මූලස්ථානයයේ සේවයේ නියුතු භටපිරිස් සහ සිවිල් සේවක කාර්යය මණ්ඩලයට සහාය දැක්වීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 10 දින දියතලාව ‘Golf Club’ පරිශ්‍රයේදී වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-11 17:48:54
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස්. පෙරේරා මුලංකාවිල් බලඇණි පුහුණු පාසලේ 2024 නොවැම්බර් මස 24 දින නිල සංචාරයක නිරතවෙමින් එම පුහුණු පාසලේ බලඇණි පුහුණුව හදාරන 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
2024-12-11 17:20:03
‘ආසියාතික ක්ලැසික් සවිඑසවීමේ ශූරතාවය - 2024’ දී කිලෝග්‍රෑම් 59 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය. මෙම තරඟාවලිය 2024 දෙසැම්බර් මස 01 සිට 10 දින දක්වා උස්බෙකිස්තානයේදී පැවති අතර, එහිදී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දීමට බළලත් නිලධාරී අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය.
2024-12-11 15:11:36
ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 20 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් 07 වන දින බණ්ඩාරවෙල නගර සභා පිටියේදී පැවැත්විණි.
2024-12-11 13:55:55
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ 17 වන සංවත්සරය දිනය 2024 දෙසැම්බර් මස 01 දින සේනාංක මූලස්ථානයේදී සමරන ලදී.