Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2024 07:02:38 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල මගින් කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 සහතිකපත් ප්‍රදානෝත්සවයකින් 2024 දෙසැම්බර් මස 09 දින අවසන් විය.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 86 දෙනෙකු සටන් පුහුණු පාසලේදී නේවාසිකව පාඨමාලාව හදාරනු ලැබූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එස්.එල්. වීරසුන්දර ඇගයීමට ලක්විය.

සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.එච්.එම්. රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පාඨමාලාවේ සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.