2023-06-28 22:41:33
ඔස්ට්‍රියාවේ ජීවත්වන දානපතියන් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියෙහි තවත් අධියරක් වශයෙන් කැකිරාව, සූරියගම, මහ ඇලගමුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙනු ලැබීය.
2023-06-28 22:35:48
වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් 136 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා රෝහල වෙත සිය රුධිරය පරිත්‍යාග කිරීමට පසුගිය සෙනසුරාදා (24) දින ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
2023-06-28 22:29:23
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් ඊච්චන්කුලම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන සිවිල් ජනතාව වෙත ජංගම වෛද්‍ය සායන කඳවුරක් පසුගිය සෙනසුරාදා (24) දින තවුසියාකුලම් රජයේ පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2023-06-28 22:26:00
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව්, ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන පසුගිය අඟහරුවාදා (27) දින 66 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-06-28 22:20:43
කොස්ගමදී පවත්වන ලද ‘විරු අමාදහර’ බෞද්ධාගමික වැඩසටහන ‘ජය ටීවී’ මගින් විකාශය වූ අතර, ඒ සඳහා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 ඩ්‍රෝන රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින් පසුගිය බදාදා (26) වන දින සිය දායකත්වය ලබාදෙන ලදී.
2023-06-28 22:16:49
ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර යූඑස්පී පසුගිය බදාදා (14) දින, නන්දිකඩාල් හි පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2023-06-27 22:13:51
බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ...
2023-06-27 22:05:51
ලෙබනන් මලල ක්‍රීඩා සම්මේලනයේ සහ අභ්‍යන්තර ආරක්ෂක අංශ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අභ්‍යන්තර ආරක්ෂක බලකායේ (ISF) පොදු අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අභ්‍යන්තර ආරක්ෂක බලකායේ අර්ධ මැරතන් තරගය ඉකුත් ඉරිදා (ජුනි 11) දින ලෙබනනයේ බීරූට්හිදී පැවැත් විය.
2023-06-27 22:01:37
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ, 241 පාබල බලසේනාව...
2023-06-27 21:54:59
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත් කිරීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් පුහුණු කරවීමේ පෙරපුහුණු පාඨමාලා අදියර බී - I (කාන්තා) දින 14 ක පුහුණු කාලසීමාවකින් අනතුරුව පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී සමාප්ත විය.