Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2023 22:16:49 Hours

නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් රාජකාරි අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර යූඑස්පී පසුගිය බදාදා (14) දින, නන්දිකඩාල් හි පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර යූඑස්පී වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්තමක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. එම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්හි රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් සහභගී වූහ.

එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.