2023-07-11 21:49:11
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා දිවි පූජා කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වීරෝදාර යුද්ධ හමුදා සාමාජිකාවන් 25 දෙනාගේ අමරණීය මතකයන් යළි සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ යුද ස්මාරකයක් ඉදිකිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 6) දින ආරම්භ කරනු ලැබීය.
2023-07-11 21:11:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී ඒඒටීඔි එල්එස්සී, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති ලෙස ඉකුත් අඟහරුවාදා (4) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2023-07-11 21:02:00
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයට අයත් 122 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සර දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (7) දින තිස්සමහාරාම, කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
2023-07-11 09:13:06
මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබියදී ප්‍රපාතයකට පෙරලී අනතුරකට ලක්වීමට ගිය බස් රථයක් එම අනතුරින් මුදවාගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් බී.ආර්.කේ.එල්. කරුණාරත්න පසුගිය දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ඇගයීමට ලක්විය. එම යුද්ධ හමුදා සාමාජිකයාගේ කඩිනම් ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවීමට තිබූ මහත් ව්‍යයසනයක් වැළකුණු අතර ඉන් බස් රථයේ ගමන්ගත් මඟීන් 50 කට අධික පිරිසකගේ ජීවිත බේරාගැනීමේ හැකියාව ලැබිණි.
2023-07-11 00:21:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන්හි වැඩිම ඉසව් ගණනකින් ශූරතාවයන් දිනා ගැනීමට සමත්වූහ. තරගාවලියේ කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි කාණ්ඩය, කිලෝග්‍රෑම් 46 - 58 න් පහළ සහ කිලෝග්‍රෑම් 61 - 75 ට අඩු කාන්තා සහ Aerobics කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් දිනාගත් අතර කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි (බී කණ්ඩායම) අනුශූරතාව ද දිනාගත්හ.
2023-07-11 00:09:08
බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි එක් කොටසක් වශයෙන් පසුගිය සඳුදා (ජූලි මස 10) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි සම්බන්ධයෙන් මූලික දැනුම ලබාගත්හ. ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකු සහභාගී විය. මෙම සංචාරය සඳහා යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස්.පී. වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.
2023-07-10 23:58:20
පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජූලි මස 7) දින එම සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. සේනාංක මූලස්ථානය වෙත සපැමිණී බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරාවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.
2023-07-10 23:42:50
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 231 පාබල බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 53 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින හබරණ, ගල්ඔය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට සිය සහයෝගය ලබාදුන්හ. ලැව් ගින්න පැතිරීමත් සමඟ හබරණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් 231 පාබල බලසේනාවේ භටපිරිස් සහ ප්‍රදේශයේ අනෙකුත් පිරිස් මෙම ගින්න නිවාදැමීම සඳහා අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.
2023-07-10 23:20:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස පසුගිය දා ධූරයේ රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2023-07-10 11:34:44
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව පැසිපන්දු පිටිය පසුගිය සෙනසුරාදා (ජූලි මස 08) දින උදෑසන පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණී.