11th July 2023 21:49:11 Hours
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා දිවි පූජා කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වීරෝදාර යුද්ධ හමුදා සාමාජිකාවන් 25 දෙනාගේ අමරණීය මතකයන් යළි සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ යුද ස්මාරකයක් ඉදිකිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 6) දින ආරම්භ කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ආගමික වතාවත් සහ චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ පළමු පස් පිඩැල්ල කපා නව රණවිරු ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීතුමිය සහභාගී වූහ.
මෙම සමාරම්භක උත්සවයෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් එම බලකායේ පරිපාලන කටයුතුවල ප්‍රගතිය සහ අනෙකුත් කරුණු පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් නිල සාකච්ඡාවක් පැවැත්වීය.