2023-07-29 18:11:47
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් කිරිමිච්චෝඩේ, ජී.ටී.එම් පාසලේ සිසුසිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් පොත්, උපකරණ බෙදාදීමේ ප්‍රජා මූලික වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-07-28 19:13:08
කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් (Colonel Hassan Amir) පසුගිය සඳුදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී හමුවූයේය.
2023-07-28 18:51:30
මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 542 පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් සිය බලප්‍රදේශයේ පාසල් ගුරු භවතුන් සහ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟරුවාදා (ජූලි මස 25) දින මන්නාරම ප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-28 18:44:34
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (24) දින අනුරාධපුර, රණසේවපුර ප්‍රදේශයේ ස්ථාපිත 21 පාබල සේනාංක මූලස්ථානයේ දී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2023-07-28 18:33:54
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බදාදා (ජුලි මස 26) දින පලෙයි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-07-27 20:55:35
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් මාතර, නිල්වලා කනිෂ්ඨ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 2023 ජූලි මස 20 සහ 21 දෙදින තුළ එම පාසලේ අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබීය.
2023-07-27 20:50:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින කුට්ටිගල ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලෙහි ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
2023-07-27 20:42:24
ආරුගම්බේ සංවර්ධන සංසදය විසින් සංවිධානය කරන ලද ‘2023 ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය’ 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාව සමඟ එක්ව පසුගිය ඉරිදා (ජූලි 23) දින අරුගම්බේ ප්‍රදේශයේදී ‘Visit Sri Lanka’ යන තේමාව යටතේ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහල නැංවීමේ අරමුණින් මෙම අර්ධ මැරතන් තරඟාවලිය පවත්වන ලදී.
2023-07-27 20:35:26
වැටඅද්දර, ඥාණකන්ද ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ක්ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඉකුත් ඉරිදා (ජූලි මස 23) දින එම විහාරස්ථානයේ අක්කර 06 ක පමණ භූමි ප්‍රදේශයක දුර්ලභ ඖෂධ පැළෑටි සහිත ඔසු උයනක් සකස්කර දෙන ලදී.
2023-07-27 20:31:08
9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අභිමානවත් 15 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (ජූලි මස 15) දින එම රෙජිමේන්තු පරිශ්‍රයේදී අභිමානවත් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය. මෙම සංවත්සර උත්සවයේ ප්‍රථම අංගය වශයෙන් පසුගිය සෙනසුරාදා (ජුලි මස 08) දින අන්තර් බලඝණ ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණී.