Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2023 20:42:24 Hours

242 පාබල බලසේනා භටපිරිස් ‘ජාත්‍යන්තර අර්ධ මැරතන් තරඟාවලිය-2023’ සඳහා සිය දායකත්වය දක්වති

ආරුගම්බේ සංවර්ධන සංසදය විසින් සංවිධානය කරන ලද ‘2023 ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය’ 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාව සමඟ එක්ව පසුගිය ඉරිදා (ජූලි 23) දින අරුගම්බේ ප්‍රදේශයේදී ‘Visit Sri Lanka’ යන තේමාව යටතේ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහල නැංවීමේ අරමුණින් මෙම අර්ධ මැරතන් තරඟාවලිය පවත්වන ලදී.

කිලෝමීටර් 21.1, කි.මී.10 සහ කි.මී.5 ලෙස කාණ්ඩ තුනක් යටතේ තරගාවලිය පැවැත්වූ අතර, මෙම ඉසව් සඳහා විදේශීය සහ දේශීය මැරතන් ක්‍රීඩකයින් 220 දෙනෙකු සහභාගී වූ අතර, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.පී.එල් අමුණුපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 242 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරි, යුද්ධ හමුදා සාමාජිකයින් ද එම ඉසවු සඳහා සහභාගී වූහ.