2023-08-02 22:08:54
1 බලකායේ සිව්වන බලකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙල්ලන්කුලම්, ගුවන් සංග්‍රාමික බලසේනා මූලස්ථානය සහ පෙරියමඩු, 3 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර වෙත පසුගිය සදුදා (ජූලි මස 31) දින ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-08-02 22:00:09
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) නියෝජිත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) ස්ථාපිත ලෙබනනයේ, නකෝරා හි ‘Sri Base’ කඳවුරු පරිශ්‍රයේදී වෙත ගොස් මෙම වසරේ 3 වන කාර්තුවේ උපකරණ පරීක්ෂාව (COE) සිදු කරන ලදී.
2023-08-01 19:18:01
ජාතික මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 101 වන ‘ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය – 2023’, 2023 ජූලි මස 28 සිට 30 දින දක්වා සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරඟවැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනාගැනීමට සමත් වූහ.
2023-08-01 19:05:08
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ප්‍රදේශයේ බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා සිදුකරනු ලබන කැපවීම් අගයමින් දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් ‘ජනජය සදන සමග්ඝ ශ්‍රී දේශබන්දු’ යන ගෞරව නාමය පසුගිය ඉරිදා (ජුලි මස 30) දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී එතුමන් වෙත පිරිනමන ලදී.
2023-08-01 19:00:22
යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සඳහා මෙම වසරේ දෙවන කාර්තුවේ පැවති ‘ඩයිනර්ස් ක්ලබ්’ සැසියේදී ‘Pathway to a Successful Military Career’ මැයෙන් හරවත් දේශණයක් පවත්වන ලදී.
2023-08-01 18:55:52
යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය ඉරිදා (ජූලි මස 30) දින ගිරිතලේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි නිල සංචාරයක නිරත විය.
2023-08-01 18:51:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයයේ 26 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර ඊට සමගාමීව සුබසාධන ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-07-31 19:54:31
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 1 බලකායේ සිව්වන බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (2023 ජූලි මස 28) දින කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2023-07-31 19:50:00
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජුලි මස 28) දින පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2023-07-31 19:46:21
17 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය පම්පේමඩු ප්‍රදේශයේ පිහිටි 56 පාබල සේනාංක බලප්‍රදේශයේ නැවත ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී පසුගිය බදාදා (ජූලි මස 12) දින එම ඒකකයේ නිල සංචාරයක නිරතවිය.