Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2023 18:55:52 Hours

යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි නිල සංචාරයක

යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය ඉරිදා (ජූලි මස 30) දින ගිරිතලේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි නිල සංචාරයක නිරත විය.

පුහුණු පාසලෙහි භටපිරිස් අමතමින් එතුමන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි ස්වභාවය සහ යුද්ධ හමුදා පොලිස් නිලධාරියෙකුගේ වෘත්තීයභාවය පිළිබඳව පැහැදිලි කරමින් පොලිස් හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් ලෙස පුහුණුව, පුද්ගලික විනය සහ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමේ ඇති වැදගත්කමද අවධාරණය කළේය.

විනයාරක්‍ෂාධිපතිතුමන් පුහුණු පාසලෙහි නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් එම පුහුණු පාසලේ සිදුකරනු ලබන පුහුණුවීම් කටයුතු සඳහා පවතින යටිතල පහසුකම්වල ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ද ලබාදුන්නේය.

සංචාරය සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් ආර්.එම්.කේ.ඒ.එස්.රාජනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් සහභාගි වූහ.