2023-08-14 19:08:44
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනය කරණවායි (බටහිර), තමෝදර පාසලේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම පාසලේ සිසුසිසුවියන් සමඟින් එක්ව පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
2023-08-14 19:04:01
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරදී පැවැත්විණි. ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සංකේතාත්මකව ධූරයේ රාජකාරි කටයුතු භාරදීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.
2023-08-12 18:14:51
කරුවලගස්වැව, තබ්බෝව රක්ෂිතයේ පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින සන්ධ්‍යාවේ හටගත්...
2023-08-12 18:10:41
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි නව ආඥාපති ලෙස පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (ජූලි මස 28) දින අනුරාධපුර ප්‍රදේශයේ පූජනීය ස්ථාන වෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.
2023-08-12 18:03:57
23 පාබල සේනාංකයේ මඟපෙන්වීම යටතේ 233 පාබල...
2023-08-12 17:57:46
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය පසුගිය බදාදා (09) දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංනේරු බලකා ස්කොෂ් පිටියේදී පැවැත්විණි. එහිදී, දින දහයක් පුරාවට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් තරඟ ඉසව් 11 ක් යටතේ ක්‍රීඩකයින් තරඟවැදිණි.
2023-08-12 17:50:05
අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි ගේ මඟපෙන්වීම මත එම පුහුණු පාසලේ භටපිරිස් විසින් අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී මුඛ පිළිකා දන්ත සායනයක් පැවැත්වීය.
2023-08-12 17:45:32
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ පිහිටි 56 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-08-11 20:29:47
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 31 වන ගුණානුස්මරණ සැමරුම වෙනුවෙන් 24 පාබල සේනාංක මූලස්ථානය වෙතින් අගෝස්තු මස 08 දින අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-11 20:21:53
පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී 2023 අගෝස්තු මස 09 දින කන්ටේනර් රථයක් ධාවනය වෙමින් පැවති දුම්රියක ගැටුණු අතර එම ස්ථානයේ පැවති මාර්ග තදබදය පාලනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ පොලිස් නිලධාරින්ට අවශ්‍ය සහයෝගය 1 බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 583 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙතින් ලබාදෙනු ලැබීය.