12th August 2023 17:50:05 Hours
අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි ගේ මඟපෙන්වීම මත එම පුහුණු පාසලේ භටපිරිස් විසින් අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී මුඛ පිළිකා දන්ත සායනයක් පැවැත්වීය.
එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ මුඛ සෞඛ්‍යාරක්‍ෂිත තත්ත්වයන් පරීක්‍ෂා කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී, අම්පාර සහ ඒ අවට ප්‍රදේශයන්හි 300 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වී ඔවුන්‍ගේ දත් කුහර, දත් දිරාපත්වීම් සහ මුඛ සෞඛ්‍ය පරීක්‍ෂාවන් සිදුකරගනු ලැබීය.
දන්ත ශල්‍ය වෛද්‍ය පී.ඩී.සී. ප්‍රනාන්දු, දන්ත වෛද්‍ය ඒ. තමීෂ් සෙල්වි, දන්ත වෛද්‍ය එම්.එච්.එස්.එම්. ප්‍රනාන්දු සහ දන්ත වෛද්‍ය එම්.ඒ.ටී. ලක්මාල් ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා 24 පාබල සේනාංකය, 241 හා 242 පාබල බලසේනාවන්, 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 5 ගැමුණු හේවා බලකාය, 8, 11 සහ 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, දීඝවාපි චෛත්‍ය ඉදිකිරීම් ව්‍යාපෘතියේ සේවයේ නියුතු භටපිරිස් සහ අම්පාර සටන් පුහුණු පාසලේ නිලධාරින් හා සෙසුනිලයන් ද සහභාගි වූහ.