2023-11-24 05:51:23
5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩායම පසුගිය
2023-11-24 05:44:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා නුදුරේදී විසිරයාමට නියමිත කෙඩෙට් නිලධාරි
2023-11-23 15:59:45
9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභ්‍යාසය සඳහා ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකු සහභාගී විය.
2023-11-22 23:10:13
අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්විණි.
2023-11-22 23:04:59
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු සිසුවියන් වෙනුවෙන් සිංහල සහ දමිළ භාෂා ඉගැන්වීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් නෙළුම්වැව මහා විද්‍යාලය සහ සිංහපුර මහා විද්‍යාලයේ සිංහල සිසු සිසුවියන් 200 ක් සඳහා දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින ආරම්භ කරනු ලැබීය.
2023-11-21 21:30:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව සහ ශ්‍රී ලංකා ජාතික රක්ෂණ සංස්ථාව එක්ව පවත්වාගෙන යනු ලබන ‘විරුසවිය’ රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ ඉදිරි වර්ෂය සදහා වන ගිවිසුම සඳහා අත්සන් තැබීම පසුගිය අඟහරුවාදා
2023-11-21 21:23:28
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර, 11 වන සංවත්සරයට සමගාමීව 61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 613 පාබල බලසේනා මූලස්ථානය සහ 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය වෙතින් 2023 නොවැම්බර් මස 18 දින මාතර තිහගොඩ ප්‍රදේශයේ රෝගීන් 650 දෙනෙකුට අධික පිරිසකට ප්‍රතිකාර ලබාදී ගර්භනී කාන්තාවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් මාතර, තිහගොඩ ප්‍රදේශයේ පිහිටි තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.
2023-11-21 21:14:00
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් සඳුදා (නොවැම්බර් මස 20) දින දියතලාව දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ - බදුල්ල, උඩරට දුම්රිය ප්‍රවාහන කටයුතු අඩාල විය.
2023-11-21 21:08:57
ශ්‍රී ලංකා බොක්සිං සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ 2023 ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලිය 2023 නොවැම්බර් මස 13 සිට 17 දින දක්වා කාලය තුළ රාජකීය විද්‍යාලයීය කායවර්ධන ශාලාවේදී පැවති අතර, එම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා පිරිමි ක්‍රීඩකයින් සුවිශේෂී කුසලතා දක්වමින් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගැනීමට සමත්වූහ.
2023-11-21 20:59:38
පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගංවතුර බැස යාමට පැවති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් ජීවිත තර්ජනයන් සහ නිවාස හානිවලට මුහුණු පා සිටින ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතා සපුරාලමින් එම කානු පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.