Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2023 21:30:30 Hours

‘විරුසවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ ඉදිරි වර්ෂය සදහා වන ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව සහ ශ්‍රී ලංකා ජාතික රක්‍ෂණ සංස්ථාව එක්ව පවත්වාගෙන යනු ලබන ‘විරුසවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ ඉදිරි වර්ෂය සදහා වන ගිවිසුම සඳහා අත්සන් තැබීම පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා සාමාජිකයන් වෙත නේවාසික සහ අනේවාසික වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යකර්ම, මරණ සහ දරු උපත් සඳහා සුබසාධන ප්‍රතිලාභ රැසක් ලබාදෙයි. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී, බ්‍රිගේඩියර් පාලන බ්‍රිගේඩියර් බී.එම්.ආර්.ජේ. බණ්ඩාර සහ ජනාධිපති නීතිඥ හා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති රොනාල්ඩ් සී. පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ නිලධාරීන් සමඟින් නිල වශයෙන් මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

මෙම අවස්ථාව සඳහා කර්නල් සුබසාධන සහ මහජන සබඳතා නිලධාරී කර්නල් එල්.ඩබ්ලිව්.ඒ.ඩී.එස්. වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා, ආයතනික ව්‍යාපාර සහ අලෙවිකරණය පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී මහේෂ් ගමගේ මහතා සහ රාජ්‍ය අංශයේ කළමණාකාර රවී මෙන්ඩිස් මහතා සහභාගී වූහ.