2023-12-19 00:37:21
උතුරු ප්‍රදේශයේ ආරම්භ කර ඇති පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් 21 පාබල සේනාංකයේ 213 පාබල බලසේනාව යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන පවුල් සඳහා පොල් පැළ 1000 බෙදාදීමේ වැඩසටහනක් නොවැම්බර් මස 29 සහ දෙසැම්බර් මස 04 යන දිනයන්හිදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-19 00:30:47
ලද බුද්ධි තොරතුරක් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් ද සමඟින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින තණමල්විල, උණගහකන්ද ප්‍රදේශයේ නීතිවිරෝධී ගංජා වගාවක් වටලනු ලැබූහ.
2023-12-19 00:26:36
ආපදා සහන සේවා සැපයීම සඳහා දිවයින පුරා සිටින යුද්ධ හමුදා භටපිරිස් සූදානමින් සිටින අතර, ගත වූ පැය 48 තුල වන්නි, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශවලට ඇති වූ දැඩි වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය අඛණ්ඩව පැවතීමත් සමඟ යුද්ධ හමුදා භටපිරිස් සඳුදා (දෙසැම්බර් මස 18) දින සවස් කාලයේ සිට ගංවතුර සහන ආපදා හදිසි මෙහෙයුම්වල කටයුතු සඳහා සූදානමින් සිටිති.
2023-12-19 00:17:52
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ අභිමානවත් 15 වන සංවත්සර දිනය ආගමික වතාවත් මධ්‍යයේ සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් දෙසැම්බර් මස 08 දින සිට 10 දින දක්වා ඔඩ්ඩුසුඩාන්හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණ.
2023-12-16 09:53:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ, දෙසැම්බර් මස 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා පත්කර ඇත.
2023-12-16 09:30:51
14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තු භටපිරිස් සම්බන්ධීකරණයෙන් කරුවලගස්වැව, මයිලන්කුලම් ‘රන්මුතු පෙර පාසලේ’ ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින පවත්වන ලදී.
2023-12-16 09:00:51
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් ගංවතුර තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පාලිආරු, තේවන්පිඩ්ඩි, මුන්දලම්පිඩ්ඩි සහ තේත්තවාඩිය යන ප්‍රදේශවල අවතැන් වූ සිවිල් වැසියන් 359 කට අධික පිරිසක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින ආරක්ෂිත ස්ථානයන් වෙත රැගෙන යන ලදී.
2023-12-16 08:30:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගියදා ධූරයේ රාජකාරී භාරගන්නා ලද මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව සිය ප්‍රථම නිල සංචාරය තම මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින සිදුකරනු ලැබීය...
2023-12-16 08:00:51
වන්නි කලාපයේ දැනට ක්‍රියාත්මක වන පොල් පැල වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක සේනා ආඥාපති - වන්නි, ලබාදුන් උපදෙස් මත 54 පාබල සේනාංකයේ 541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පොල් පැල 800ක් මන්නාරම සහ අවට ප්‍රදේශවල තෝරාගත් පොල් වගාකරුවන් අතර බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සදුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබූහ..
2023-12-16 07:25:13
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 232 පාබල බලසේනා බල ප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව භටපිරිස් කිරාන්, පුලිපංචිකාල්, තොප්පිගල, කුඩිඹිමලේ සහ පෙරියවඩ්ඩුවාන් යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වයෙන් අවතැන් වු සිවිල් වැසියන් 150 කට අධික පිරිසක් දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හිදී ආරක්ෂිත ස්ථානයන් වෙත රැගෙන යන ලදී...