19th December 2023 00:30:47 Hours
ලද බුද්ධි තොරතුරක් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් ද සමඟින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින තණමල්විල, උණගහකන්ද ප්‍රදේශයේ නීතිවිරෝධී ගංජා වගාවක් වටලනු ලැබූහ.
අක්කර 1.5 ක භූමි ප්‍රමාණයක නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 4273 ක ප්‍රමාණයක් එහිදී විනාශ කරන ලද අතර, තණමල්විල පොලීසිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.