2024-01-18 15:13:48
11 පාබල සේනාංක මුලස්ථානය හා එම සේනාංකය යටතේ ස්ථාපිත එකකයන්හි සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘යුද සාහිත්‍යය’ සහ ‘නිර්භීත සොල්දාදුවන්’ යන මැයෙන් හරවත් දේශනයන් ඇතුළත් වැඩසටහනක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජනවාරි මස 17) දින පැවැත්විය.
2024-01-17 19:45:09
අධික වර්ෂාපතනය හේතුවෙන් නයිනකාඩු වාරි ඇළ පිටාර ගැලීම නවතාලමින් එම අමුණෙහි සිර වූ දැව කොටස් ඉවත් කිරීම පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
2024-01-17 19:40:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුව මඟින් 1 බලකාය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් සඳහා මසක කාලසීමාවක ‘අංගම්පොර’ සටන් කලා පුහුණු පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය. මෙම සටන් කලා පුහුණු පාඨමාලාව එම ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.
2024-01-17 19:30:24
221, 222 සහ 223 පාබල බලසේනා බලප්‍රදේශයන්හි පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුල් තුනක් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවාස සඳහා මුල්ගල් තැබීමේ උත්සව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ජනවාරි මස 11,12 සහ 15 යන දිනයන්හිදී පැවැත්විණි.
2024-01-17 18:50:24
55 පාබල සේනාංකයේ භටපිරිස් 2024 ජනවාරි මස 12 දින පුනරින් නගරයේ දී දමිළ සිවිල් වැසියන් විශාල පිරිසක් සමඟ එක්ව ‘තෛපොංගල් දින’ සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-01-17 18:45:24
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ගේ කීර්තිමත් සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජනවාරි මස 14) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
2024-01-17 18:40:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අභිමානවත් 34 වන සංවත්සර දිනය හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ වේරහැර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහභාගි විය.
2024-01-17 18:30:24
මින්නේරිය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණියේ අභිමානවත් 11 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බදාදා (ජනවාරි මස 03) දින එම කඳවුරු පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-01-16 20:32:35
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අද (ජනවාරි මස 16) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
2024-01-16 20:27:53
අධික වර්ෂාපතනය හේතුවෙන් ඔලුවිල් ප්‍රදේශයට නුදුරින් පිහිටි ගල්ඔය ජලාශය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත 24 පාබල සේනාංකයේ භටපිරිස් සහන සේවා සැපයීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ඔලුවිල් - දීඝවාපිය සහ ගල්ඔය - පරගහකැලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාල විය.