Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2024 18:50:24 Hours

දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථාන තෛයිපෝංගල් උත්සවය සමරයි

55 පාබල සේනාංකයේ භටපිරිස් 2024 ජනවාරි මස 12 දින පුනරින් නගරයේ දී දමිළ සිවිල් වැසියන් විශාල පිරිසක් සමඟ එක්ව ‘තෛපොංගල් දින’ සැමරුම් උත්සවයක් පැවැත්වීය.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් හා 552 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය මත මෙම උත්සවය පැවැත්විණි.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ පුනරීන් ප්‍රාදේශීය ලේකම් ටී. අකිලන් මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ ප්‍රදේශයේ නර්තන කණ්ඩායම් නියෝජනය කරන අතිවිශාල රංග ශිල්පීන් රැසකගෙන් සමන්විත විනෝදාත්මක අංග රැසකින් උත්සවය වර්ණවත් කෙරිණි.

මෙම අවස්ථාවට සමාගමීව 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය මත පාසල් සිසු සිසුවියන් 108 දෙනෙකු වෙනුවෙන් පාසල් බෑග් සහ පොත් ප්‍රදානය කළ අතර ප්‍රදේශයේ ගොවීන් පස්දෙනෙකු වෙත උපහාර පිරිනැමීමද සිදුකෙරෙණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි ප්‍රදේශයේ තෛපොංගල් දින සැමරුම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සහභාගීත්වයෙන් ඕමන්ත, රන්දෙවොල කන්නකී අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පසුගිය සදුදා (ජනවාරි මස 15) දින පැවැත්විණි.

තෛපොංගල් උත්සවය රන්දෙවොල කන්නකී අම්මාන් කෝවිලේ පූජක බ්‍රහ්මසිව සෝම සුන්දරම් නංගරාසා කුරුක්කල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, උත්සව අවස්ථාවට දිස්ත්‍රික්ක ලේකම් පී.ඒ සරත්චන්ද්‍ර මහතා, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

68 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු මුරුගන් හින්දු කෝවිල් පරිශ්‍රයේදී ප්‍රදේශවාසීන් සමඟ එක්ව පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවැත්වීය. 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූහ.

උත්සව අවස්ථාවට 593 පාබල බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ හින්දු බැතිමතුන් පිරිසක් ද සහභාගී වූහ.