2024-02-12 12:03:28
භාෂාමය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 75 දෙනෙකු වෙනුවෙන් මාස හයක දමිළ භාෂා පාඨමාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2024 පෙබරවාරි මස 10 දින පැවැත්විණි.
2024-02-12 11:32:43
4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 08 දින මඩකලපුව, උන්නච්චිය ධීවර සමිති ශාලාවේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-02-12 11:25:50
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ
2024-02-12 11:20:50
8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිනුම් තරඟාවලිය - 2024, අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී 2024 පෙබරවාරි මස 08 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-02-12 11:15:14
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (2024 පෙබරවාරි මස 05) දින වවුනියාව ප්රතිසංවිධාන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
2024-02-11 20:53:12
232 පාබල බලසේනාවේ යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් චෙන්කලඩි, එරාවුර්පත්තුව, පෙරියපිලුමලේ ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීම පසුගිය සඳදා (පෙබරවාරි මස 05) දින සිදුකෙරිණි.
2024-02-11 20:49:49
241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තුව වෙළඳ සංගමයේ සභාපතිවරයාගේ අනුග්රාහකත්වක මත පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4) දින අක්කරෙයිපත්තුව අම්මාන් මහලිරිල්ල කාන්තා ළමා නිවාසයේ ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
2024-02-11 20:46:53
4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ‘නැගෙන හිරු’ පෙරපාසල් ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා සනීපාරක්ෂක පහසුකම් සහිත සංකීර්ණයක් ඉදිකිරීම පසුගිය සඳුදා (පෙබරවාරි මස 5) දින ආරම්භ කරන ලදී.
2024-02-09 14:00:58
දඹුල්ල, ගල්වැටිය ප්‍රදේශයේ අබලන්ව පැවති පාලමක් 7 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. දඹුල්ල, ගල්වැටිය ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ප්‍රදේශවාසීන් 1,000 කට අධික ප්‍රමාණයක් සිය එදිනෙදා කටයුතු වෙනුවෙන් මෙම ප්‍රධාන පිවිසුම් මාර්ගය භාවිතා කරනු ලබයි.
2024-02-09 13:17:30
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පස්වන ඒකාබද්ධ පුහුණු වැඩසටහන මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ නිලධාරීන් 3 සහ කොමිෂන් නොලත් නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ භටපිරිස් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින ආරම්භ විය.මෙම පුහුණු වැඩසටහන මාර්තු 9 වැනිදා අවසන් වීමට නියමිතය.