12th February 2024 11:15:14 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (2024 පෙබරවාරි මස 05) දින වවුනියාව ප්‍රතිසංවිධාන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එම මධ්‍යස්ථානයේ ස්ථානගතව සිටින යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන සමස්ථ ආරක්‍ෂක විධිවිධානයන් සබැඳිව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.