2024-02-29 18:50:08
උසස්වීම් ලද මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 28) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2024-02-29 18:41:45
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘කොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 54’ හි සමාප්ති උත්සවය 2024 පෙබරවාරි මස 28 දින පැවැත්විණි. යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 77 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
2024-02-29 18:39:24
දශකයකට අධික කාල සීමාවක් භාවිතා නොකළ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, පිහිටි ටෙනිස් පිටිය 2024 පෙබරවාරි මස 27 දින පැවති උත්සවයකදී නැවත විවෘත කෙරිණි.
2024-02-29 18:37:21
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 27 සහ 28 දෙදින තුළ අපරාධ සිදුකිරීමට යොමුවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර පරිශ්‍රයේදී පැවති මෙම දේශන මාලාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
2024-02-29 18:34:34
1 බලකා මූලස්ථානය වෙතින් එම බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී 2024 පෙබරවාරි මස 28 දින එක්දින මූලික ජීවිතාරක්ෂක ප්‍රථමාධාර වැඩමුළුවක් පැවැත්වීය. 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් සමන්විත භටපිරිස් පුහුණු කරවීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වීය.
2024-02-29 12:48:48
54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 පාබල බලසේනාව හා පෙරියමඩු එකමුතු තරුණ සංවර්ධන සංගමය එක්ව 2024 පෙබරවාරි මස 23, 24 සහ 25 යන දිනයන්හිදී පෙරියමඩු බටහිර ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.
2024-02-28 16:21:42
තඹුත්තේගම මහවැලි ක්‍රීඩා පිටියේදී පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින පැවති ‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලිය - 2024’ තරඟාවලියේ ජයග්‍රහණය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම හිමිකර ගත්හ. මූලික තරඟවලින් අනතුරුව අවසන් මහා තරගයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි කණ්ඩායම තරඟ වැදුනු අතර, අනතුරුව පැවති තියුණු තරඟයකින් පසුව යුද්ධ හමුදා කබඩි කණ්ඩායම ශූරතාවය හිමි කර ගත්හ.
2024-02-28 16:14:01
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත, 2(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා ඉකුත් ඉරිදා (පෙබරවාරි මස 25) දින මුල්ගල් තැබිණි.
2024-02-28 16:09:18
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නියෝජ්‍ය බලකාධිපති (DFC) මේජර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Major General Chok Bahadur Dhakal ) පසුගියදා බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින ග්රීන්හිල් හි පිහිටි 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම් කඳවුරෙහි නිල සංචාරයක නිරත විය.
2024-02-28 16:04:45
9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සී.ඩී.පී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, මහවැලිගම ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් වන ළමුන් 90 දෙනෙකු වෙනුවෙන් ‘සිසු උදාන’ ඉතුරුම් ගිණුම් සහ පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින සංවිධානය කරන ලදී.