29th February 2024 18:50:08 Hours
උසස්වීම් ලද මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 28) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් රෙජිමේන්තු කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් සිය කාර්යාලයේදී උසස්වීම් ලද මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී වෙත සිය සුභාශිංසනයන් එක්කරනු ලැබීය.
මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.