උණුසුම් පුවත්
ලායා හෝටල් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති ලායා වේව්ස් හී නිරික්‍ෂණ සංචාරයක
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ලායා හෝටල් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 10 දින කල්කුඩා හි පිහිටි ලායා වේව්ස් හෝටල් සංකීර්ණයේ නිරික්‍ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා රට පුරා ලායා හෝටල් සන්නාමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරන ලදී.
කැලණිය රජමහා විහාරයේ බත් දන්සලට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන එක්වෙයි
පූජනීය කැලණිය රජමහා විහාරස්ථානයේ දී සංවිධානය කරන ලද බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc 2025 මැයි මස 12 දින සහභාගි විය.
කොළඹ, යුද්ධ හමුදා රෝහල සිය 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
කොළඹ, යුද්ධ හමුදා රෝහල සිය 11 වන සංවත්සරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම යටතේ කොළඹ, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස් දොඩන්ගොඩ RSP USP ගේ අධීක්‍ෂණය යටතේ 2025 මැයි 03 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
2025 මැයි මස 27 දින සිට 31 දින දක්වා දකුණු කොරියාවේ ගුමි හි පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රුසියානු හමුදා දූත පිරිසක් අතර හමුවක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc ගේ මඟ පෙන්වීම යටතේ මෙරට යුද්ධ හමුදා කණ්ඩායමක් විසින් රුසියානු හමුදා දූත පිරිසක් සමඟ 2025 අප්‍රේල් මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ප්‍රථිත්‍රස්ත යුධ අභ්‍යාසයක් සඳහා මූලික සැලසුම් පිළිබඳව වූ සාකච්ඡාවක් පැවැත්වීය.
13 වන ආරක්‍ෂක සේවා රග්බි ශූරතාවලිය - 2025, ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
2025 අප්‍රේල් මස 09 දින සිට අප්‍රේල් මස 30 දින දක්වා පැවති 13 වන ආරක්‍ෂක සේවා රග්බි ශූරතාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් වූහ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන පලාලි යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 අප්‍රේල් මස 30 දින පලාලි යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ ද සිල්වා RSP USP nps psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 අප්‍රේල් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම මියන්මාරයේ මානුෂීය සහන සේවා මෙහෙයුම් කටයුතු සඳහා සහාය ලබාදෙයි
මියන්මාරයේ සිදු වූ භූමිකම්පන හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයේදී සහන සේවා කටයුතු සැපයීම සඳහා සහය වීමට ශ්‍රී ලංකාවේ විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායමක් මියන්මාරයට පිටත්ව ගිය අතර, එම ආපදා සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 05 දින යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවිය.
ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අඛණ්ඩව සිය කැපවීම සහ සහයෝගය ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගා අධිකාරිය සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් බැතිමතුන්ට නොමිලේ ආහාර පාන ලබා දීම සඳහා දන්සල් සංවිධානය කර ඇත. තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දිනකට බැතිමතුන් 5,000 ක් සඳහා තේ පැන් ලබාදීම සඳහා ද දන්සලක් සංවිධානය කර ඇත.