උණුසුම් පුවත්
ජපන් තානාපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසෝමාටා සහ මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කමාන්ඩර් කුබෝ ටකායුකි, JMSDF 2025 අප්‍රේල් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා, 2025 අප්‍රේල් මස 21 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 137 වන සංවත්සර දිනයේදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්හට යුද්ධ හමුදාධිපතිතුමන් උපහාර දක්වයි
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 137 වන සංවත්සර දිනය මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට උපහාර දක්වමින් 2025 අප්‍රේල් මස 19 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී සමරනු ලැබීය.
උසස්වීම් ලද මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අප්‍රේල් මස 16 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක්
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව 2025 අප්‍රේල් මස 16 දින උදෑසන පැවති අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
යුද්ධ හමුදාධිපතිතුමන්, උපකරණ පාලන නිලධාරින් අධිකාරියට පත්කිරීමේ පුහුණු පාඨමාලා අංක - 7, හැදෑරූ නිලධාරින් ආමන්ත්‍රණය කරයි
ත්‍රිකුණාමලය, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී 2025 ජනවාරි මස 06 දින සිට 2025 අප්‍රේල් මස 02 දින දක්වා නිලධාරින් 99 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලද උපකරණ පාලන නිලධාරි පුහුණු පාඨමාලා අංක - 7, සාර්ථකව අවසන් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා භටපිරිස් අලුත් අවුරුදු සිරි සමරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත 2025 අප්‍රේල් මස 09 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිරි දළඳා වන්දනාව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරයි
2025 අප්‍රේල් මස 18 දින සිට ආරම්භ කිරීමට නියමිත ශ්‍රී දළඳා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා සූදානම් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.
‘අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය - 2025’ හි ශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුවට
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය - 2025’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 මාර්තු මස 07 දින රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි. රෙජිමේන්තු 13 ක කණ්ඩායම් අතර පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙපැක්ටැක්රෝ කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව අවසන් මහා තරඟයේදී, 02 ට 00 ක් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සාමාජිකයන් වෙනුවෙන් දෙදින වැඩමුළුවක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවති දෙදින පුහුණු වැඩසටහනේ අවසන් දේශනය 2025 අප්‍රේල් මස 08 දින පැවැත්විණි.