2025-04-23

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම මියන්මාරයේ මානුෂීය සහන සේවා මෙහෙයුම් කටයුතු සඳහා සහාය ලබාදෙයි

මියන්මාරයේ සිදු වූ භූමිකම්පන හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයේදී සහන සේවා කටයුතු සැපයීම සඳහා සහය වීමට ශ්‍රී ලංකාවේ විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායමක් මියන්මාරයට පිටත්ව ගිය අතර, එම ආපදා සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 05 දින යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවිය.

අනතුරුව, ඔවුන් යැන්ගොන් සිට කිලෝමීටර් 450 ක් පමණ උතුරින් පිහිටි නයිපිඩෝ පළාතේ සහන සේවා කටයුතු සඳහා යොදවා ඇත.

ඔවුන් මෙම කාලසීමාව තුළ ආපදාවට පත් ප්‍රදේශවල සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම්, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා සහායවීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

තවද, එම කණ්ඩායමේ කොටසක් පොබ්බ තිරි නගරයට අනුයුක්ත කර ඇති අතර, එහිදී ඔවුන් ජංගම වෛද්‍ය සායන දෙකක් පැවැත්වීමට නියමිතය. මෙම සායන මඟින් හදිසි ප්‍රතිකාර ලබාදීම සහ ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්‍ෂණය සහ තක්සේරු කිරීම සිදුකරනු ලබයි.

ආපදා තත්ත්වයෙන් වැඩි අවශ්‍යතා සහිත කලාපයන් සඳහා සහන සේවාවන් කාර්යක්‍ෂමව ලබාදීම සඳහා මියන්මාර නිලධාරින් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන සේවා මෙහෙයුම් කණ්ඩායම මනා සම්බන්ධීකරණයකින් යුතුව අඛණ්ඩව එම කටයුතු සිදුකරමින් පවතී.

අඛණ්ඩව සිදුකරමින් පවතින මෙහෙයුම් වලට අමතරව, අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 09 දින පොබ්බා තිරි නගරයේ ජංගම සායන දෙකක් පැවැත්වීය. ඒ අනුව පළමු සායනය නාවඩි ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී පැවති අතර එහිදී, අවතැන් වූ පිරිස් අතර සිටි රෝගීන් 84 දෙනෙකුට ප්‍රතිකාර ලබාදෙන ලදී. ධම්ම පාරමී ආරාම පරිශ්‍රයේ පැවැත්වූ දෙවන සායනයේ දී තවත් රෝගීන් 42 දෙනෙකු වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලදී.

මියන්මාරයේ සිදුකෙරෙමින් පවතින සහන සේවා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම වෙතින් 2025 අප්‍රේල් මස 09 දින පොබ්බ තිරි ප්‍රදේශයේ පිහිටි කියී ටෝං කාන් ගම්මානය තුළ අවතැන් වූ පුද්ගලයින් රඳවා සිටින මධ්‍යස්ථානවල සහ GP ප්‍රවාහන හා පරිපාලන දෙපාර්තමේන්තුව තුළ ජංගම සායනයන් පැවැත්වීය. ඒ අනුව, එම වෛද්‍ය කණ්ඩායම වෙතින් පොබ්බ තිරි ප්‍රදේශයේ රෝගීන් 132 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදුන් අතර එදින සන්ධ්‍යාවේ, තවත් රෝගීන් 44 දෙනෙකු වෙත අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලදී.

2025 අප්‍රේල් මස 10 දින ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් ලට් ලොක් ටොවුන් පැගොඩා හි පිහිටි වාණිජ අමාත්‍යාංශයේ සහ පොබ්බ තිරි නගරයේ පිහිටි මෂිඛානා ආරාමයේ ස්ථාපිත අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානවල නේවාසිකව සිටින රෝගීන් 164 දෙනෙකු වෙනුවෙන් ජංගම සායන තුනක් පවත්වන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 11 දින සුබූ තිරි නගරයේ පිහිටි තාකු කඳවුර, නයිරානා කඳවුර, යානා කඳවුර සහ ඩානා තෙයිකිටි කඳවුර තුළ ස්ථාපිත කර ඇති අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානවල ජංගම සායන තුනක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 12 දින සුබූ තිරි නගරයේ පිහිටි තෙයිකිටි කඳවුර තුළ ස්ථාපිත කර ඇති අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින පුද්ගලයින් 68 දෙනෙකු වෙන්වෙන් ජංගම සායනයක් පැවැත්වීය.

ශ්‍රී ලංකා විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 13 දින තුක් තාටේ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින පුද්ගලයින් 70 දෙනෙකු වෙනුවෙන් ජංගම සායන දෙකක් පැවැත්වීය.

ශ්‍රී ලංකා විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 14 දින සුබූ තිරි නගරයේ පිහිටි තාප්‍යාගනේ, මූලික අධ්‍යාපන උසස් විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින පුද්ගලයින් 76 දෙනෙකු වෙන්වෙන් ජංගම සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.

ශ්‍රී ලංකා විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 15 දින සුබූ තිරි නගරයේ පිහිටි තයාගෝර්කි, ආරාමයේ ස්ථාපිත කර ඇති අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින පුද්ගලයින් 144 දෙනෙකු සඳහා ජංගම සායනයක් පැවැත්වීය.

ශ්‍රී ලංකා විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 16 දින ලෙව් නගරයේ අංක 06 පොදු ප්‍රජා ශාලාවේ ස්ථාපිත කර ඇති අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයේදී රෝගීන් 75 දෙනෙකු සඳහා ජංගම සායනක් පවත්වන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 17 වන දින දීකිනාතිරි නගරයේ පිහිටි යාන් අවුන් මයිං පාගොඩ හිදී රෝගීන් 130 දෙනෙකු සඳහා ජංගම සායනයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 18 දින පයින්මානා නගරයේ ටැපෝන්ග් ක්‍රීඩාංගනයේදී රෝගීන් 121 දෙනෙකු සඳහා ජංගම සායනයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් තවදුරටත් සෞඛ්‍ය පහසුකම් සපයමින් 2025 අප්‍රේල් මස 19 දින පයින්මානා නගරයේ පිහිටි ටැපෝන්ග් ක්‍රීඩාංගනයේදී රෝගීන් 180 දෙනෙකු සඳහා ජංගම සායනයක් පවත්වන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම විසින් 2025 අප්‍රේල් මස 20 දින පයින්මානා නගරයේ ටපාඕන්ග් ක්‍රීඩාංගනයේදී රෝගීන් 205 දෙනෙකු සඳහා ජංගම සායනයක් සහ පරිත්‍යාග වැඩසටහනක් පැවත්වන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම පයින්මානා නගරයේ පිහිටි ටැපෝන්ග් ක්‍රීඩාංගනයේදී 2025 අප්‍රේල් මස 21 දින රෝගීන් 120 දෙනෙකු සඳහා ජංගම සායනයක් පැවැත්වීය.

තවද,ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම පයින්මානා නගරයේ පිහිටි ටැපෝන්ග් ක්‍රීඩාංගනයේදී 2025 අප්‍රේල් මස 22 දින තවත් රෝගීන් 110 දෙනෙකු සඳහා ජංගම සායනයක් පැවැත්වීය.

එමෙන්ම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 23 දින පයින්මානා නගරයේ පිහිටි ටපාඕන්ග් ක්‍රීඩාංගනයේදී රෝගීන් 146 දෙනෙකු සඳහා ජංගම සායනයක් සහ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 23 දින පයින්මානා නගරයේ පිහිටි ටපාඕන්ග් ක්‍රීඩාංගනයේදී ජංගම සායනයක් සහ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 22 දින පයින්මානා නගරයේ පිහිටි ටැපෝන්ග් ක්‍රීඩාංගනයේදී ජංගම සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 21 දින පයින්මානා නගරයේ පිහිටි ටැපෝන්ග් ක්‍රීඩාංගනයේදී ජංගම සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 20 දින පයින්මානා නගරයේ ජංගම සායනයක් සහ පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 19 දින පයින්මානා නගරයේ ජංගම සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 18 දින පයින්මානා නගරයේ ජංගම සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 17 වන දින දීකිනාතිරි නගරයේ පිහිටි යාන් අවුන් මයිං පාගොඩ හිදී ජංගම සායනයක් පවත්වයි

Sri Lankan Medical Team Conducts a Mobile Clinic and Awareness Programme at Thayarkoge Monastry in Suba Thiri Township on 15th April 2025

Sri Lankan Medical Team Conducts a Mobile Clinic and Awareness Programme at Thapyaygone Basic Education High School IDP Centre on 14 April 2025

Sri Lankan Medical Team Conducts Mobile Clinics at IDP Centres in Thuk Thate and the Business Education High School in Suba Thiri Township on 13 April 2025

Sri Lankan Medical Team Conducts Mobile Clinics at IDP Centres in Wunna Theikti, Suba Thiri Township on 12 April 2025

Sri Lankan Medical Team Conducts Mobile Clinics at IDP Centres in Subu Thiri Township on 12th April 2025

Sri Lankan Medical Team Conducts Mobile Clinics at IDP Centres in Pobba Thiri Township on 11th April 2025

Sri Lankan Team Offers Healthcare Aid in Pobba Thiri Township on 10th April 2025

Sri Lankan Medical Teams Conduct Mobile Clinics to Support Displaced Families in Myanmar on 09th April 2025

Sri Lankan Military Contingent underways emergency relief operations in Naypyidaw on 06th April 2025