2021-12-31 23:41:19
උදාවූ 2022 නව වසර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යමත් හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !
2021-12-29 14:09:56
උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබන්නා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (29) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.
2021-12-24 22:34:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකවාසී ජනතාවට සිය අපේක්ෂාවන් ඉටුවන ප්‍රීතිමත් නත්තලකට සුභාශිංෂන එක්කරයි.
2021-12-24 16:15:37
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (24) දින උදෑසන වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ගෞරවාචාරය පිරිනැමූහ.
2021-12-22 22:23:30
ප්‍රීතිමත් නත්තලේ උදාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලැබු ‘යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය’ බදාදා (22) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදා ගායන කණ්ඩායමේ සහ තූර්ය වාදක කණ්ඩායමේ විචිත්‍රවත් සංගීතාස්වාදයෙන් වර්ණවත් වු මෙම ප්‍රසංගයට කිතුනු පූජකවරුන්, සම්භාවනීය අමුත්තන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.
2021-12-19 17:18:47
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 316 දෙනෙකු 2 වන ලුතිනන්වරුන් ලෙස ජනාධිපති අධිකාරියට පත්ව අභිමානවත් පෙළපාලියකදී සෙනසුරාදා (19) දින විසිර ගියහ. කෙඩෙට් නිලධාරීන් විසිරයාමේ පොළපාලිය සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක...
2021-12-17 16:21:37
ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූල වීමට සහ ආරක්ෂාව හා ආරක්ෂක උපායමාර්ග පිළිබඳ මනා දැනුමකින් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බිහිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිච්ඡේදයට නව පිටුවක් එක් කරමින් බුත්තල ප්‍රදේශයේ පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය 2021 දෙසැම්බර් මස 17 වන සිකුරාදා දින සිට ‘යුධ හමුදා යුධ විද්‍යාලය’ ලෙස වැඩිදියුණු කරනු ලැබීය.
2021-12-13 10:57:57
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ‘වර්ණ රාත්‍රිය’ ඉකුත් ඉරිදා (12) දින නෙලුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
2021-12-11 00:27:07
අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මැතිණියගේ (Mrs Madhulika Rawat) දේහයන් පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිකුරාදා (10) දින පස්වරුවේ ඉන්දීයාවේ නවදිල්ලි නුවර, ධවුලා ක්වාන් (Dhaula Quan) පිහිටි බ්‍රාර් ආදාහනාගාරයේදී සිදුකෙරිණි.
2021-12-08 17:39:01
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සිදුකරනු ලබයි. ඊට සමගාමීව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බදාදා (8) දින ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 15 හදාරන උපාධි අපේක්ෂක නිලධාරීන් අමතනු ලැබීය.