2024-04-24 17:41:32
56 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 2024 අප්‍රේල් මස 20 දින වවුනියාව මහජන ක්‍රීඩාංගණයේදී සාම්ප්‍රදායික අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.
2024-04-24 17:34:41
211 පාබල බලසේනාව විසින් 2024 අප්‍රේල් මස 19 දින එම බලසේනා ක්‍රීඩා පිටියේදී අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී. උත්සව කටයුතු ආරම්භ කරමින් 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කඳනආරච්චි ආර්එස්පී සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූ අතර, යුද්ධ හමුදා භටපිරිස් සමඟින් ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්ව සිටියහ.
2024-04-22 18:25:37
ධූරයෙන් නික්මයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 18 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-04-22 13:53:04
12 පාබල සේනාංකය ‘Hope for Life Lanka’ පදනම සමඟ ඒකාබද්ධව මොණරාගල මුණසිංහ
2024-04-22 13:50:39
ධූරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 15 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-04-22 13:48:15
10 ශ්‍රී ලංකා පාබල හමුදාව හා නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමය ඒකාබද්ධව පාලිනගර් සහ නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයින් 223 දෙනෙකු වෙනුවෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 17 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-04-22 13:08:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 18 දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.
2024-04-22 12:30:15
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 16 දින සම්ප්‍රදායික තේ මේසයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-04-22 11:48:15
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2024 අප්‍රේල් මස 19 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.
2024-04-19 20:06:53
11 පාබල සේනාංකයේ භට පිරිස් විසින් වැලිමඩ ගල්දණ්ඩ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙක් වන ජෙනරල් දේශමාන්‍ය ජේ.ඊ. ඩෙනිස් පෙරේරා වීඑස්වී එන්ඩීසී පීඑස්සී ගේ පව්ලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහය ඇතිව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණයෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් 15 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.