2020-10-18 09:42:00
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවා සේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2020-10-16 21:17:12
“රටේ වෙනත් ප්‍රදේශවලට කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා මෙම තීරණාත්මක අවස්ථාවේදී වෛරසය ආසාදිතයින් හෝ ඔවුන්ගේ ආශ්රීතයන් අදාළ ප්‍රදේශවල සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යමින් මහජනතාව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තවදුරටත් මහජනතාව වෙත වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියා කරන අතරම මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහාද ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (16) පස්වරුවේ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.
2020-10-13 22:14:10
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ සාකච්ඡාවක් අද සවස රාජගිරියේ මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පාර්ශවකරුවන් සහ ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සහ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2020-10-12 20:26:09
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් විශේෂ සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ එම මධ්‍යස්ථානයේ කමිටු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී අද (12) දින පැවැත්විණි.
2020-10-08 20:13:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනස්වන බහුවිධ හා ගෝලීය තර්ජනයන් සහ නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් හඳුනාගනිමින්, ඒවාට අනුවර්තනය වීමේ අවශ්‍යතාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සකස් කල ‘2020-2025 ඉදිරි උපාය මාර්ගික සැලසුමේ’ පළමු කෙටුම්පත බ්‍රහස්පතින්දා (08) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වෙත ඉදිරිපත් කරන ලදී.
2020-10-04 09:30:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී සෙනසුරාදා (03) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
2020-10-02 06:48:49
ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සෑම වසරක් පුරාවටම යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ ආගමික අංගයක් වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය...
2020-09-30 13:24:02
ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවදී අද (30) දින උදෑසන පැවැත්විණි.
2020-09-28 23:29:43
71 වන සංවත්සරයට සමගාමීව සියලුම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (28) දින උදෑසන මහනුවර ශ්‍රී දලදා මාලිගාවේදී යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයින් හා සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2020-09-27 20:27:19
එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක දින නිල සැමරුමට සමගාමීව වෙළඳ හා සංචාරක දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් උපාය මාර්ගික සංගමය සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව සහ සංචාරක පර්යේෂණ සම්මන්ත්‍රණය අද (27) දින මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ (Kandy City Center) පරිශ්‍රයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කළේය.