Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2020 23:29:43 Hours

71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවන් දළදා සමිදුන් ඉදිරියේදී පැවැත්වෙයි

71 වන සංවත්සරයට සමගාමීව සියලුම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (28) දින උදෑසන මහනුවර ශ්‍රී දලදා මාලිගාවේදී යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයින් හා සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරම්භය සිදුවූයේ වර්ෂ 1949 ඔක්තෝබර් මස10 වන දිනය.ඒ අනුව, මහා බ්‍රිතාන්‍යයේ අර්ල් ඔෆ් කියිතන්ස් (Earl of Caithness) බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාර්ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය ආරම්භ කර තිබුණේ 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනත තුලිනි. එමෙන්ම, පසුකාලීනව ලංකා හමුදාවේ පළමු බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදා විද්‍යාපීඨය පිහිටුවීමෙන් අනතුරුව ගෙවීගිය වසර 71 ක අඛණ්ඩ කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිවරුන් 22 කු එයට අණදීම සිදුකර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දැනට පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 24 කින් යුතුව සිය රාජකාරි කටයුතු වල නිරතවන අතර එය වඩාත් මෙරට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍රවී ඇත්තේ එහි ඇති අද්විතිය භාවය මෙන්ම රට වෙනුවෙන් සිදුකරනු ලබන අති විශිෂ්ට වූ සේවාව හේතුවෙනි.

ශ්‍රී දළඳා මාලිගාව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සියලු සාම්ප්‍රදායික චාරිත්‍රයන් හා දළදා තේවා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළු සාමාජිකයින්ට සෙත්පතා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දියවඩන නිලමේ ගේ කාර්යාලයේදී ශ්‍රී දළඳා මාලිගාව වෙත සංකේතාත්මක වශයෙන් මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළේය.

මෙම ආගමික උත්සවයේ පළමු අදියර වශයෙන් සාම්ප්‍රදායික බෙර වාදනයන් මධ්‍යයේ ‘මුරුතැන්’ සහ ‘ගිලන්පස’ පූජාවක් ද පැවැති අතර එහිදී පැවති සියළු සාම්ප්‍රදායික චාරිත්‍රයන් අවසානයේ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අභිමුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කරන ලද මූල්‍යමය පරිත්‍යාගය පිළිගත් දියවඩන නිලමේතුමන් විසින් 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සිය සුභාෂිංශනයන් එක් කළේය.

ඉන් අනතුරුව, මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ මහනායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිධාන මහනායක හිමිපාණන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා 71 නමකට සංඝගත දක්‍ෂිනාවක් පිරිනමනු ලැබිණි. අතිපූජ්‍ය වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අනුනායක හිමිපානන්, අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක හිමිපාණන්, මල්වතු පාර්ශවයේ මහනායක නියංගොඩ විජිතසිරී අනුනායක හිමිපානන් සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභීධාන අනුනායක හිමිපාණන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළහ.

එහිදි, මහා සංඝරත්නය විසින් මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදුකරන්නාවු උතුම් සේවය අගය කරමින් එම කාර්යයන් සාර්ථක වේවායි ආශිර්වාද කරමින් කෙටි අනුශාසනාවක් ද පවත්වන ලදි. එසේම දානමය පිංකම අවසානයේ වර්ෂ 1949 සිට මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීම සඳහා දිවිපිදු සහ රණක්‍ෂිතයට පත් සියළුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ‘පැන්වඩා’ පිං පැමිණිවීම සිදුකරන ලද අතර සේවයේ යෙදි සිටින සියලු විරෝදාර රණවිරුවන් සඳහා ද ආශිර්වාද කරමින් සෙත් පැතීමක් ද සිදුකරනු ලැබීය. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමෙන් අනතුරුව පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ‍ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී පවත්වනු ලැබු උදෑසන ආගමික වතාවත් අවසන් විය.

අති පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී පවත්වනු ලැබු බෞද්ධ ආගමික වතාවත්වල දෙවැනි අදියර ලෙස යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම අද (28) දින සන්ධ්‍යාවේ සංකේතාත්මකව සිදුකෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධජය ඇතුළු මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීමට දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන් රැගෙන එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා පත්තිරිප්පුව පරිශ්‍රය වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.

යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ධජය ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන්ට ශ්‍රී දළඳා මාලිගාවේ තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කරන ලදී.

අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනායක හිමිපාණන්, පූජ්‍ය අරඹේගම සරණංකර නායක හිමිපාණන් සහ මල්වතු පාර්ශවයේ නායක පූජ්‍ය කුඹුක්කන්දවල පංඤාරත්න නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය බෞද්ධ ආගමික වතාවත් සඳහා වැඩමකර සිටි අතර මෙම ආගමික උත්සවයට සමගාමීව පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක භටපිරිස් විසින් සිකුරාදා (28) දින සන්ධ්‍යාවේ පූජනීය වු උතුම් දළඳා වහන්සේ වෙත ‘ගිලන්පස පූජාවක්’ ද පැවැත්වූහ.

මෙම ආගමික උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ බලසේනාධීපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් රසික ප්‍රනාන්දු, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Sport media | UK Trainer News & Releases