17th April 2018 16:20:15 පැය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මංගල වස්තුව වන ‘කූගර්’ සිංහ පැටවාගේ පළමු උපන් දිනය සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල ඇතුළු සිංහ රෙජිමේන්තු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 6) දින සමරන ලදි. සාමාන්‍ය දින චාර්යාවට අනුව ස්නානය හා උදෑසන ආහාර අනුභවයෙන් පසු විශේෂ කුටියක් තුලට පැමිණි ‘කූගර්’ සිංහ පැටවා.....
17th April 2018 15:00:07 පැය
උදාවු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මව් ඒකකය වෙත කෘත ගුණ දැක්විමක් ලෙස නව අවුරුදු දින (අප්‍රේල් මස 14) සිය මව් රෙජිමේන්තුව වන මත්තේගොඩ පිහිටි 5 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
17th April 2018 14:48:08 පැය
මේජර් ජෙනරාල් ෆයාස් හුසේන් ෂා (Major General Fayyaz Hussain Shah) ගේ ප්‍රධානත්වයෙන් යුතු පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර....
17th April 2018 11:02:33 පැය
‘එක්සත් ජනපද හමුදා පැසිෆික් වැඩසටහන’ (Land Forces Pacific Programme) සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානයේ නිලධාරින් 17 දෙනෙකු සහ එක්සත් ජනපද කාර්යාල නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සඳුදා (16) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී හමුවිය.
17th April 2018 10:45:38 පැය
විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි සඳුදා (16) දින භාර ගන්නා ලදි. මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්විමට ප්‍රථම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ධුරයේ රාජකාරි සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.
17th April 2018 10:34:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවු ලෝක ශ්‍රේණිගත මුෂ්ටි ප්‍රහාර ක්‍රිඩකයෙකු වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල් ඉෂාන් බණ්ඩාර යුද්ධ හමුදාවට මෙන්ම තම දේශයට කීර්තියක් අත්පත් කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ පැවති මුෂ්ටි ප්‍රහාරක අර්ධ අවසන් වටයේ තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වු ඉන්දියානු ක්‍රිඩක ගෞරව් සොලන්කි......
13th April 2018 22:08:30 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කරන ලද තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් සිකුරාදා (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී නිත්‍යානුකූල අයිතිකරුවන් 964 දෙනෙකු වෙත පවරාදෙන ලදී.
13th April 2018 15:47:42 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමෙන් ලද යුධ අත්දැකීම තුලින් ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එක්සත් ජාතින් සමඟ එක්ව සාමසාධක රාජකාරින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවීශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ 03 හිදී යුද්ධ හමුදා විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය (DOO) ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
12th April 2018 15:44:24 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සාමසාධක රාජකාරි විධිමත් කිරීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (12) දින ‘සාම මැදුර’ විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 03, පැරණි ඕලන්ද ගොඩනැගිල්ල හිදී විවෘත කරන ලදී. විදේශීය මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
12th April 2018 15:43:33 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !