Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 14:48:08 Hours

පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ 

මේජර් ජෙනරාල් ෆයාස් හුසේන් ෂා (Major General Fayyaz Hussain Shah) ගේ ප්‍රධානත්වයෙන් යුතු පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ඔවුන් සඳුදා (16) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හමුවිය.

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ යුද්ධය පිළිබඳ පාඨමාලාව හදාරනු ලබන පාකිස්ථාන යුද්ධ හමුදාවේ සහ සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෞදි ආරාබි රාජධානියේ සහ චිනය නියෝජනය කරන හමුදා නිලධාරින් ගෙන් මෙම දුත පිරිස සමන්විත විය.

මෙම සුහද හමුව අතරතුරදී, දුත පිරිසෙහි ප්‍රධානි මේජර් ජෙනරාල් ෆයාස් හුසේන් ෂා (Major General Fayyaz Hussain Shah) කලාපීය ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා බුද්ධිමය හැකියාව සහ හමුදාමය වැදගත්කම අවධාරණය කරනු ලබන මෙවැනි සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාපතිතුමන් වෙත ද සිය කෘතඥතාව පළ කරන ලදි.

මෙම සාකච්ඡාව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහ දුත පිරිසෙහි ප්‍රධානි මේජර් ජෙනරාල් ෆයාස් හුසේන් ෂා (Major General Fayyaz Hussain Shah) අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල දුත පිරිස මෙම සංචාරය අතරතුර දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ සිවිල් අංශයේ ආයතන කිහිපයක ප්‍රධානින් ද හමුවිමට නියමිතව ඇත.

jordan Sneakers | NIKE