17th July 2019 07:14:28 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සඳුදා (15) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. මීට ප්‍රථම යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කළ නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත...
17th July 2019 06:55:25 පැය
වසර දෙකකට වැඩි කාලයක් තුළ භටපිරිස් සහ යාපනය සිවිල් වැසියන්ට ප්‍රශංසනීය හා කැපීපෙනෙන සේවයක් ඉටුකළ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත අතර ඉකුත් සඳුදා (15) දින සිය ධූරයෙන් නික්මයාමට ප්‍රථම එතුමන් ජූලි මස 13 සිට 15 දින දක්වා කාලය තුළ යාපනය...
16th July 2019 06:55:25 පැය
එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය (Mrs Kshenuka Senewiratne) අද (15) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
15th July 2019 20:56:14 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 09 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (24) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන ක්ෂේත්රයේ සහ පරිපාලන කටයුතු සඳහා ලබාදුන් විශීෂ්ට හා ආදර්ශමත්...
15th July 2019 20:55:14 පැය
යාපනය, කට්කොවෙලම් සහ කරණවායි ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙනුවෙන් යාපනය භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ තවත් නිවාස දෙකක් ඉකුත් සෙනසුරාදා (13) දින 55 වන සේනාංකය විසින් සංවිධානය කළ උත්සවයක දී නිවාසලාභීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
15th July 2019 14:59:37 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමඟ එක්ව කඹුරුපිටිය අභිමංසල - 2 හි වීරෝදාර රණවිරුවන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ජූලි මස 12 වන සිකුරාදා දින කතරගම කිරිවෙහෙර පූජාභූමියේ පැවැති ‘කප්රුක පූජාවකට’ සහ ‘කිරි ආහාර පුජාවට’ සහභාගී විය.
15th July 2019 07:40:29 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තුව රක්ෂිතය නැවත රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිමට පත් වූ දිවයිනේ පුමුඛ පෙළේ වාණිජ සමාගමක් වන 'Spring & Summer' විලාසිතා සමාගම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ අත්වැල් බැඳගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින දුර්ලභ පැළ 5000 ක්...
13th July 2019 12:06:09 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සිවිල් වැසියන් කෙරෙහි ඇති සිය සුහදත්වය සහ අවබෝධය තවදුරටත් පුළුල් කරමින්, පලාලි මයිලඩ්ඩි ප්‍රදේශයේ මුල් ඉඩම් හිමිකරුවන් සඳහා පලාලි ජනපදයේ ඉඩම් අක්කර 26.4 ක් සහ පලාලි උතුරු ප්‍රදේශයේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසල භාවිතා...
12th July 2019 20:20:33 පැය
පදවි, ශ්‍රී පුර ප්‍රදේශයේ තවත් දිළිඳු පවුලක් වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද නව නිවසක් පසුගිය අඟහරුවාදා (9) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති සරල උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදෙන ලදී. නිවාසලාභී අජිත් ප්‍රේමකුමාර මහතා සිය බිරිඳ ඇතුළු දරුවන් සිව්දෙනා...
12th July 2019 20:17:22 පැය
පලාලි ප්‍රදේශය ජල සම්පත්වලින් පිරී කෘෂිකාර්මික වගා ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකාය විසින් පලාලි වැවේ වාන් දොරටුවක් හා සොරොව්වක් ඉදිකිරීමේ වැදගත් ව්‍යාපෘතියක්...