Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2019 14:59:37 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය කතරගම කිරිවෙහෙර පූජාභූමියේ පැවැති ආගමික වතාවත්වලට එක්වෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමඟ එක්ව කඹුරුපිටිය අභිමංසල - 2 හි වීරෝදාර රණවිරුවන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ජූලි මස 12 වන සිකුරාදා දින කතරගම කිරිවෙහෙර පූජාභූමියේ පැවැති ‘කප්රුක පූජාවකට’ සහ ‘කිරි ආහාර පුජාවට’ සහභාගී විය.

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සේවයේ යෙදී සිටින සියලුම රණවිරුවන්ට ආශීර්වාද එක්කිරීමේ අරමුණින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් මෙන්ම සහභාගි වූ සියලුදෙනා එක්ව යුද්ධ හමුදා රංගන ශිල්පීන් පෙරටු කරගත් වර්ණවත් පෙරහැරකින් කතරගම පූජාභූමිය වෙත ‘කප්රුක’ වැඩම කරවනු ලැබීය. පෙරහැර පැවැත්වීමට පෙර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ චන්ද්‍රිකා සේනානායක මහත්මිය කතරගම කිරිවෙහෙරේ ප්‍රධාන නාහිමියන් හමුවී ආශීර්වාද ලබාගත්හ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ධජයට සෙත්පැතීම සඳහා කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි ‘අෂ්ඨපල’ බෝධිය වෙත රැගෙන යාමෙන් පසුව කතරගම දේවාලයේ පැවැති විශේෂ පූජාවකට සහ ගණදෙවි දේවාලයට ද රැගෙන යනු ලැබීය.

පසුදින (13) උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් සහ චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිරිවෙහෙර පූජාභූමිය වෙත කිරි ආහාර පූජා කරමින් ආගමික වතාවත් සිදුකරන ලදි. trace affiliate link | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD