2024-04-16 17:35:22
යුද්ධ හමුදාව මගින් නව නිවාසය ඉදිකර දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මොල්ලිපොතාන, උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවසය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) වන දින නිවාස ලාභීන් වෙත භාරදෙන ලදී.
2024-04-16 17:35:10
ක්ලැපන්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රවණාගාරය සහ උපක්රමික හා තාක්ෂණික පුහුණු පරිශ්‍රය ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 02 දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
2024-04-16 17:30:32
සේරුවාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත මල්ලිකා චන්ද්‍රලතා මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් මස 11 දින එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් නිවාස ලාභීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
2024-04-16 17:28:04
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින කඹුරුපිටිය, ‘අභිමංසල - II’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සමඟින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.
2024-04-16 17:25:00
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූර කාලය තුළදී ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව වෙත සිදුකරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් එම සභාව විසින් 2024 අප්‍රේල් මස 11 දින කල්මුණේ මෙතෝදිස්ත දේවස්ථානයේදී උපහාර පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු ගරු එබනේසර් ජෝශප් පියතුමන්ගේ උපදෙස් මත මෙතෝදිස්ත ධර්ම සභාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
2024-04-16 17:21:11
12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා බුද්ධි අංශ භටපිරිස් විසින් සපයන ලද තොරතුරුකට අනුව ඇඹිලිපිටිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2024 අප්‍රේල් 09 දින කොස්ලන්ද, මොනරාගල ප්‍රදේශයේ ගංජා හේනක් වටලනු ලැබීය.
2024-04-16 17:18:35
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 අප්‍රේල් මස 12 දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.
2024-04-13 17:54:26
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 06 දින හන්තාන කඳුවැටියේදී අතුරුදන් වූ යුවලක් සොයා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
2024-04-12 16:52:03
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින අනුරාධපුර පිහිටි ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය.
2024-04-12 16:50:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් 2024 අප්‍රේල් මස 08 දින අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා එම බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.