Header

Sri Lanka Army

Defender of the Nation

16th April 2024 17:35:10 Hours

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකළ නව උපක්‍රමික හා තාක්‍ෂණික පුහුණු පරිශ්‍රය විවෘත කෙරේ

ක්ලැපන්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රවණාගාරය සහ උපක්‍රමික හා තාක්‍ෂණික පුහුණු පරිශ්‍රය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 02 දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.

ආසන 200 කින් සමන්විත වන නව ශ්‍රවණාගාරය 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සහ මෙම ඒකකයෙහි සංචාරයන්හී නිරතවන ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පුහුණු වැඩසටහන් සඳහා භාවිතා කිරීමේ හැකියාව පවතී.

උපක්‍රමික හා තාක්‍ෂණික පුහුණු පරිශ්‍රය මෙහෙයුම් ඉතිහාසය පිළිබඳ විස්තර ලබාදෙන ප්‍රදේශයකින්, අංගසම්පූර්ණ ආදර්ශ කාමරයකින් සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර ලබාදෙන ප්‍රදේශයකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.

බලකාධිපතිතුමන් එහිදී භටපිරිස් ආමන්ත්‍රණය කරමින්, යුද්ධ හමුදාවේ අනාගත පරපුර වෙනුවෙන් ලබාගත් දැනුම සහ අත්දැකීම් සංරක්‍ෂණය කිරීම උදෙසා මෙවැනි ව්‍යාපෘති සිදුකිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.