Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • යාපනයේ යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

    2017-01-13 14:58:35

    යාපනයේ  යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

    සීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.

  • යුද හමුදාවෙන් ගම්මට්ටමින් සිවිල් වැසියන් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම

    2017-01-09 17:05:48

    යුද හමුදාවෙන් ගම්මට්ටමින් සිවිල් වැසියන් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම

    අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගම්මට්ටමින් ගොවි ප්‍රජාව හට නවීන සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හා ගොවිතැන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.

  • යුද හමුදා මුලස්ථානය සමගින් දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන‍ නව වසර උදාව සමරයි

    2017-01-04 15:42:27

    යුද හමුදා මුලස්ථානය සමගින් දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන‍ නව වසර උදාව සමරයි

    යුද හමුදා මුලස්ථානයේ 2017 වසරේ පළමු වැඩකරන දින (ජනවාරි 02) උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. සදුදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානවල පැවති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සව වලින් අනතුරුව දවසේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය - 2017’ දැක්ම පිළිබද විකාශය වූ වැඩසටහන නැරඹිම සදහා යුද හමුදා සාමාජිකයින් හට අවස්ථාව ලබාදෙන ලදි.

  • "රටේ ප්‍රගතිය වෙනුවෙන් අප දැඩිව කැපවී ක්‍රියාකළ යුතුයි" - යුද හමුදාපති

    2017-01-02 15:15:47

    රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී අතිගරු ජනාධිපතිතුමාගේ ‘ඳිළිදුකම පිටුදැකීමේ වර්ෂය’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටේ සමෘද්ධිය සඳහා අඛණ්ඩව කැපවීම හා සියලුම මට්ටම්වල විනය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් වෘත්තීය මට්ටමින් 2017 වර්ෂයේ දී යුද හමුදාවේ ප්‍රමුඛතාවය විය යුතුබව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (02) දින යුද හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අවධාරණය කරන ලදි.

  • සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

    2016-12-31 22:05:41

    සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

    යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.

  • නික්ම යන ඉන්දීය සහ චින ආරක්ෂක උපදේශකවරුන් යුද හමුදාපති හමුවේ

    2016-12-30 17:13:01

    නික්ම යන ඉන්දීය සහ චින ආරක්ෂක උපදේශකවරුන් යුද හමුදාපති හමුවේ

    ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මහජන චින සමුහාණ්ඩුවේ ආරක්ෂක උපදේශක අද (30) දින පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී වෙන්වෙන් වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

  • බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට නව නිලධාරී නිවස්න සංකීර්ණයක්

    2016-12-26 15:13:57

    බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට නව නිලධාරී නිවස්න සංකීර්ණයක්

    බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.

  • ප්‍රීතිමත් නත්තලක් වෙනුවන් සුභාසිංශන !

    2016-12-24 21:00:00

    ප්‍රීතිමත් නත්තලක් වෙනුවන් සුභාසිංශන !

    යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියළුම නිළධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !

  • සිංහ රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් සිහිකෙරේ

    2016-12-24 13:33:37

    සිංහ රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් සිහිකෙරේ

    අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයකට අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අවස්ථාවට සපැමිණි අතර, මියගිය රණවිරුවන්ගේ සිය ගණනක් වූ ලඟම ඥාතීන් තමන්ගේ ආදරණීයයන් හට ගෞරව දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

  • යුද හමුදා නත්තල් කැරොල් ගී නෙළුම්පොකුණේදී

    2016-12-21 22:05:40

    යුද හමුදා නත්තල් කැරොල් ගී නෙළුම්පොකුණේදී

    යුද හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් නත්තල් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය (21) සන්ධ්‍යාවේ නෙළුම්පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසක් ඉදිරියේ පවත්වනු ලැබීය.