මියගිය යුද හමුදා සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත ගෘහ භාණ්ඩ සහිත නව නිවසක්
7th February 2017
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ඉල්ලිමකට අනුව 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මියගිය සාමාන්‍ය සෙබල මහේෂ් කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් 98,000/= ක වටිනාකමකින් යුත් ගෘහ භාණ්ඩ ඉරිදා (05) දින ඇතාවැටුණුවැව ගම්මානයේ දී ලබාදුන් අතර, කොළඹ ආර්ය පදනම විසින් මේ සඳහා අනුග්‍රහය දක්වන ලදි.
හෘදයාබාධයකින් මෑතක දි මියගිය මෙම සෙබලාගේ පවුලේ සාමාජිකයින් ඔවුන්ගේම ඉඩමේ එක් කෙළවරක සදාගත් පැළපතක ජිවත් වූ අතර, මීට පෙර 62 වන සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ විජේසිංහගේ මුලිකත්වයෙන් ඔවුන් වෙත නව නිවසක් ද ඉදිකරදෙන ලදි. මෙම ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයමින් ආර්ය පදනම අනුග්‍රහය දැක් වූ අතර, එම සෙබලාගේ රෙජිමේන්තුව වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් හා 14 වන (ස්වේච්ජා) පාබල හමුදාව විසින් තාක්ෂණික සහාය සහ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදි.
හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටේගොඩ (විශ්‍රාමික) කොළඹ ආර්ය පදනමේ සාමාජිකයන් සමඟ පැමිණ නිවසට අවශය රුපියල් 98,000/= ක වටිනාකමකින් යුත් ගෘහ භාණ්ඩ පරිත්‍යාග කරන ලදි.
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ විසින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කළහ. 62 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 14 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදාව සහ 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සමඟ එක්ව මෙය සංවිධානය කරන ලදි.
හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටේගොඩ (විශ්‍රාමික), 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ, 622 බලසේනාවේ බලසේනාධිපති, කොළඹ ආර්ය පදනමේ සාමාජිකයින්, ඇතාවැටුණුවැව ගම්මානයේ වැසියන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
|