යුද හමුදාව විසින් ඉදිකළ නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ
6th February 2017
කීරමලෙයි නිවාස ව්‍යාපෘතියෙහි නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව ඉතිරිව තිබූ රුපියල් මිලියන 6 ක අමු ද්‍රව්‍ය යොදවමින් ඉදිකිරීම් කටයුතු සිදු කර යුද හමුදාව විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් වේදනායන් මහතාගේගේ සහභාගීත්වයෙන් යුතුව නිදහස් දින සෙනසුරදා (4) ජනතා අයිතියට පත් කරනු ලැබීය.
මෙම ප්‍රජා ශාලාව උත්සවාකාරයෙන් නල්ලිනක්කපුරම් නිවැසියන් වෙත පිළිගැන්වීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට එක්ව සිටි ප්‍රතිලාභීන් ඇමතූ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහන් මහතා විසින් මෙවැනි අත්හැර දමන ලද භූමි ප්‍රදේශයක් අංග සම්පූර්ණ නිවාස ව්‍යාපෘතියක් බවට පත් කිරීම වැනි අභියෝගාත්මක කාර්ය භාරයක් ක්‍රියාවට නැංවීමට හැකි එකම ආයතනය ශ්‍රී ලංකා යුද හමුදාව වන බවත් වැඩි දුරටත් පැවසීය.
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක, උතුරු නාවික නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රොහාන් ප්‍රදීප් ගුණවර්ධන, පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ලසිත හර්ෂ කුමාර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, උසස් පොලිස් නිලධාරීන්, සෙබලුන් සහ සිවිල් ජනතාව බොහෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
|