69 වන නිදහස් දිනයට සමගාමීව ළමා නිවාසය වෙත ආහාර ලබාදෙයි

5th February 2017

69 වන නිදහස් දිනයට සමගාමීව, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත දිසානායකගේ උපදෙස් මත එම පුහුණු පාසල විසින් සිකුරාදා (3) දින අම්පාර සරණ ළමා නිවාසයේ දී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදි.

නිලධාරි 15 ක් සහ සෙසුනිලයන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අම්පාර උහන ප්‍රදේශයේ පිහිටි සරණ ළමා නිවාසය වෙත රුපියල් 60,000/= ක් වටිනා සනිපාරක්ෂක භාණ්ඩ ද, එහි නේවාසික ළමුන් සඳහා කෑම පාර්සල් 70 ක් ද, පරිත්‍යාග කළහ.

මෙම වැඩසටහන සඳහා සටන් පුහුණු පාසලේ නිලධාරින් හා සෙසුනිලයන් ස්වෙච්ජාවෙන් සිය අනුග්‍රහය ලබා දි ඇත.

තවද, මෙම භට පිරිස් විසින් සංගිතාත්මක අංගයන්ගෙන් මෙහි රැඳවියන් විනෝදාස්වාදයට පත් කලහ.

සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් නලින් බණ්ඩාරනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් පරිත්‍යාගශිලීන් සහ සරණ ළමා නිවාසයේ ළමුන් සහ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

|