2017-03-26 18:14:34
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති ලෙස මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ පත් කිරිමේ උත්සවය සෙනසුරාදා (25) දින සන්ද්‍යාවේ කොළඹ යුද හමුදා රෝහලේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් මියගිය රණවිරුවන් සිහිකිරිමෙන් අනතුරුව.....
2017-03-23 18:44:49
සිය 50 වන සංවත්සරය සමරන කොළඹ පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ පැවති 22 වන ‘රණවිරු දිනය’ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (23) දින උදැසන එම විදුහල් පරිශ්‍රයේ පැවති අතර, එම අවස්ථාවට මහත් අභිමානයක් සහ උදාරත්වයක් එක් කරමින් සංවිධායකයින්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
2017-03-23 09:13:08
ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පැමිණ සිටින ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා බදාදා (22) සන්ධ්‍යාවේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
2017-03-22 14:23:04
හයවන වරටත් වාර්ෂිකව පවත්වනු ලබන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව අද (22) උදැසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේදී ආරම්භ වු අතර, ඉන්දු-ශ්‍රී ලංකා යුද හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය සහ හිතවත්කම ප්‍රදර්ශණය කිරිමේ තවත් අවස්ථාවක් ලෙස පවත්වනු ලබන මෙම සමුළුවේ දී පුහුණු ආකෘතින් හුවමාරු කර ගැනිම, කාර්මික අංශයන් හී යටිතල පහසුකම් සංවර්ධන දැනුම ලබාගැනිම සහ සුභ සාධන වැඩසටහන් පිළිබඳව වැඩි අවධාණයක් යොමු කිරිමට නියමිතය.
2017-03-22 08:32:00
ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක යෙදී සිටින මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය මෙන්ම, රාජ්‍ය සභා මන්ත්‍රි ජෙනරාල් චෑන්ග් වැන්කුවෑන් අද (21) දින උදෑසන සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සංචාරයක නිරත විය. මෙම විද්‍යාලයේ විදේශිය අපේක්ෂකයින් ද ‘psc’ උපාධි පාඨමාලාව හදාරනු ලැබේ.
2017-03-20 15:00:07
ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්යක්ෂ ගුවන් කොමදෝරු නසර් ජුමා මොහෙමඩ් ප්රමුඛ නියෝජිතයන් පිරිසක් අද උදෑසන (20) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
2017-03-17 21:17:10
රණ සේවා අධ්යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් 1500 ක් පමණ සිකුරාදා (17) දින පනාගොඩ යුද හමුදා ජනපද ක්‍රීඩාගාරයේ පැවති හමුවට එක්වු අතර, එහි දී යුද හමුදාව ඔවුන් වෙනුවෙන් දැනට සිදු කරමින් පවතින සුබසාධන ව්‍යාපෘති මාලාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදි. එහිදි, අදාල අධ්යක්ෂ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් දැනුවත් කිරීම ද සිදු කරනු ලැබිය.
2017-03-13 12:59:00
යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් 33 ක් සඳහා නලිනක්කපුරම් නව නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම සිකුරාදා (10) දින නලිනක්කපුරම් ප්‍රජා ශාලාවේ පැවති චාම් උත්සවයක දී සිදු කරන ලදි.
2017-03-11 15:47:13
ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වාර්ෂික මැරතන් ධාවනය - 2017 සෙනසුරාදා (11) දින රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හඳපාන්ගොඩ දී ආරම්භ වූ අතර, එය පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.
2017-03-04 20:27:47
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සෙනසුරාදා (4) දින යාපනයේ පැවති රැස්වීම් සඳහා සහභාගි වුහ.