2017-04-18 12:20:40
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
2017-04-17 20:04:52
බහුවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා භට පිරිස් සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් සමඟ එක්ව අද (17) උදෑසන වන විටත් විපතටපත් මීතොටමුල්ල ප්‍රදේශයේ දී බර යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සහන සේවා කටයුතුවල නිරත වූ අතර, තවදුරටත් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එම ස්ථානයේ අනතුරට පත්වුවන් සෙවිමේ කටයුතු සිදු කරනු ලබයි.
2017-04-14 02:04:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2017-04-13 08:22:05
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරු නිකේතනයේ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරන ලදි. මෙහිදී පැරණි චාරිත්‍ර වාරිත්‍ර සඳහා මුල්තැනක් දෙමින් ‘මිහිඳු සෙත් මැඳුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ 2017 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමරන ලදි.
2017-04-11 09:19:49
ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ‘අභිමන්සල’, ‘මිහිදු සෙත් මැදුර’ සහ ‘රණවිරු සෙවණ’යන ස්ථානයන් හී නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සඳහා නව කිහිලිකරු යුගල් 100 ක් සහ රෝද පුටු 10 ක් අද (10) පුන් පොහෝ දින සවස ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ප්රදානය කරන ලදී.
2017-04-07 17:57:10
සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය දිවයින පුරා පැතිරයද්දී එම අසිරිය කොළඹ මැලේ ක්‍රීඩාපිටියේ දී ‘සුර්ය මංගල්‍යය’ නමින් විදහා දැක්වුයේ යුද හමුදා මුලස්ථානයේ සේවය කරන නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු අලුත් අවුරුදු උත්සවයෙනි. මෙවරත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩාවලට මුල්තැන දෙමින් සිකුරාදා (07) වන දින පැවැත්විණි.
2017-04-06 21:58:09
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය අද (06) දින දහවල් නිදහස් චතුරස්රයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහ සංඝයා ඇතුලු අනෙකුත් පූජ්‍ය පක්ෂයේ අයවලුන් ද අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමා, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
2017-04-05 09:22:55
හමුදා අධ්‍යාපනය පිළිබඳව වඩාත් පිළිගැනීමට ලක් වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර පිදිමේ උත්සවයක් අඟහරුවාදා (අප්‍රේල් 04) දින සන්ධ්‍යාවේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2017-04-02 10:40:44
යුද්ධයේ දී මියගිය සිවිල් සේවකයින් 123 කට පිං අනුමෝදන් කිරිම හා යුද්ධයේ දී ආබාධිත වු සිවිල් සේවකින් 16 කට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරිම යන අරමුණු මුලික කරගෙන පානාගොඩ ශ්‍රි බෝධිරාජාරාමයේ දී සර්ව රාත්රීක පිරිත් සජ්ඡායනාවක් හා භික්ෂුන් වහන්සේලා 123 නමකට දානය පිළිගැන්විමක් මාර්තු 31 වන දින සහ අප්‍රේල් 01 වෙනිදා සිදු විය.
2017-03-29 23:20:10
කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ අද (29) උදෑසන ‘විරුදරු විදු පියස’ නම් වූ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පළාතේ ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 2000 කට විරුසර වරප්‍රසාද කාඩ් පත් පිරිනැමිමේ අවස්ථාවට එක් වූ අතිගරු ජනාධිපතිතුමා......