2017-09-19 13:07:56
කොරියාවේ සීයෝල් නුවර ‘උත්සාහයේ එක්සත්භාවය ; සාම්ප්‍රදායික නොවන තර්ජන මැඩපැවැත්වීමෙහිලා ගොඩබිම් හමුදාවන්හි හා සාමාන්‍ය ප්‍රජාව අතර එකමුතුව’(‘Unity of Effort: Building Civil-Military Partnerships in Land Force Response to Non-Traditional Security Threats’) යන තේමාව යටතේ දැන් පැවැත්වෙන සිව් දින ශාන්තිකර කලාපීය යුද්ධ හමුදාපතිවරුන්ගේ සම්මන්ත්‍රණයට (PACC) යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් රැසක් සහභාගිවේ.
2017-09-14 12:44:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරනු ලබන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) යන තාක්ෂණික නමින් හඳුන්වන යුධ අභ්‍යාස අදියර ත්‍රිකුණාමලය, කුච්චිවෙලි හිදි බ්‍රහස්පතින්දා (14) දින පවත්වන්නට යෙදුණි. දිය සහ ගොඩ බිමේන් සතුරු කඳවුරු වෙත සිදු කරන බහුවිධ ප්රහාරයන් මෙම ‘Critical Engagement’ යන අදියර යටතේ ක්‍රියාත්මක වේ.
2017-09-13 18:35:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශීෂ්ඨ බහුජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා VIII – 2017’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට පැමිණියහ.
2017-09-13 05:47:30
විශීෂ්ඨ වික්‍රමාන්විත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාව අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේදි කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැත්වු ‘වර්ණ රාත්‍රියේ දී’ ක්‍රීඩාවේ දස්කම් දැක්වු පාබල රෙජිමේන්තු සාමාජිකයින් සියගණනකට වර්ණ ප්රදානය සිදු කළහ.
2017-09-05 22:36:25
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බත්තරමුල්ල, අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ (DHQC) ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් අඟහරුවාදා (05) දින අධීක්ෂණ සංචාරයක නිරත විය.
2017-08-31 16:22:17
‘අන්තාවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්රවණතා’ යන තේමාවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වනු ලැබු ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ ලොව නන් දෙසීන් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍ර ප්රවිණයන් 90 දෙනෙකු සහ 800 කට වැඩි ආරක්ෂක සේවා ප්‍රකට විද්වතුන් ඇතුළු 800 කට වැඩි පිරිසක් මධ්‍යයේ නිමාවට පත්වු අතර ලොව පුරා පැතීර යන අන්තවාදයට එරෙහිව ප්‍රායෝගික, උපක්රමික සහ වඩාත් සුදුසු විසඳුම් සෙවීමේ උත්සහයන්ට කැපවීම ඔවුන් එහිදි සපථ කලහ.
2017-08-28 16:41:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන වැඩසටහනක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අද (28) උදෑසන 7 වන වරටත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ සම්මන්ත්රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් විද්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
2017-08-26 00:22:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආරාධනයෙන් සිකුරාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි.
2017-08-25 12:53:53
විදේශීය හමුදා සමාජිකයින් හා නිරීක්ෂකයින් 62 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා භඨ පිරිස් 2675 ක් සහ නවාංග කිහිපයක් ද සමගින් යුද හමුදා දින දර්ශකයේ ඉතා වැදගත් ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයක් වන ‘දියකාවා මෙහෙයුම VIII - 2017’ වර්ෂ 2017 සැප්තැම්බර් මස 3 වන දින පැවැත්වීමට සියල්ල සුදානම් බැව් අද දින (24) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අනාවරණය කලේය.
2017-08-23 15:04:01
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිළ වශයෙන් හමුවිය. යුද්ධ හමුදාධිපති විසින් සිදුකරන ලද මෙම පළමු පොලිස් මූලස්ථාන සංචාරය වෙනුවෙන් සම්මාන පොලිස් මුර ආචාරයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පිළිගන්වන ලද අතර, එහිදී සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති පෙළපාලියේ අණදෙන්නා සමඟ පෙළපාලිය පරීක්ෂා කරන ලදි.