2017-10-10 00:00:32
දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඟහරුවාදා ( ඔක්තෝබර් මස 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි. වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙස නම් ලැබ වසර 68 ක කාලසීමාවක් තුල දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කර ඇත.
2017-10-09 12:34:48
යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
2017-10-07 09:46:21
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (06) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.
2017-10-06 09:45:22
54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලියේ’ සමාප්ති උත්සවයේ සහ ජයග්රාහකයින්හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ පැවැත්විණි. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයෙන් සමාප්ති උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2017-10-04 16:48:04
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් 68 වන යුද හමුදා සංවත්සර දිනයට සමගාමීව බදාදා (04) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා ඉස්ලාමීය ආගමික යාඥාවන් පවත්වන ලදී.
2017-10-03 23:36:35
68 වන යුද හමුදා සංවත්සර දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ ක්‍රිස්තියානි දේවමෙහෙය අඟහරුවාදා (03) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
2017-10-02 17:12:48
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 68 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය වන ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුඛයේ සියලු යුද්ධ හමුදා ධජයන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම, සඳුදා (02) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් සහ සෙසුනිලයින් රාශියකගේ නියෝජනයෙන් පැවැත්විණි.
2017-09-28 22:32:53
ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වලින් ආරම්භ විය.
2017-09-25 18:46:07
ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් සෑම විටම විශිෂ්ඨ මෙහෙවරක යෙදෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශිය රෝහල් හි බාහිර රෝගී අංශ සෞඛ්‍ය පහසුකම් සහ යාපනය මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ඉදිකර ජනතා අයිතියට පත්කරමින් ඉරිදා (24) දින සුවිශේෂි මෙහෙවරක යෙදුණි.
2017-09-20 12:56:05
කොරියාවේ සියොල් නුවර දැන් පැවැත්වෙන ශාන්තිකර කලාපීය යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර බදාදා (20) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක් ඒ. මිලෙයි (General Mark A. Milley) අතර සුහද හමුවක් පැවැත්විය.