2018-06-18 19:59:21
උතුරු සහ නැගෙනහිර පළාත් හි ජාතීන් අතර සංහිදියා ක්‍රියාවලිය සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වනු ලබන දායකත්වය සංකේතවත් කරමින් හමුදා භට පිරිස් පරිහරණය කරන ලද තෙලිප්පලෙයි, කරච්චි සහ මුහුදුබඩපත්තු යන ප්‍රදේශවල ඉඩම් අක්කර 120.89 ක භුමි ප්‍රමාණයක් නිදහස් කරනු ලැබූ අතර, ඒවාට අදාළ නිත්‍යානුකුල ලියකියවිලි භාරදීම සඳුදා (18) දින සිදුකෙරිණි.
2018-06-18 14:46:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් ප්‍රධාන මෝටර් රථ තරඟාවලියක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2018’ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා අත්වැල් බැදගනිමින් 16 වන වරටත් සාර්ථකව කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ධාවන පථයේදී ඉරිදා (17) දින පවත්නු ලැබීය.
2018-06-16 13:38:33
පොල්ගස්ඕවිට දහම් සෙවණ විහාරයේ පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත මහල් 17 කින් සමන්විත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා (Yukiyo Hatoyama) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහද සාකච්ඡාවක යෙදුණු අතර එහිදි බුද්ධ ශාසනය වෙනුවෙන් යුද්ධ හමුදාව දක්වන දායකත්වය සහ එහි සංවර්ධන කටයුතු පිළිබඳව එතුමන් දැනුවත් කළහ.
2018-06-14 19:37:21
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) තවත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (14) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වී එක්සත් ජාතීන්ගේ ඉදිරි සාම සාධක කටයුතු සහ අදාළ ප්‍රදේශයන්හි ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කරන ලදි.
2018-06-12 07:48:19
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රදර්ශණය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයන් හා එක්ව සඳුදා (11) දින පස්වරුවේ වාද්දුව, ‘Laya Beach’ හෝටලයේ පැවති දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රය සඳහා එක්විය.
2018-06-09 13:50:00
යුද්ධ හමුදා සැරයන් මේජර් මෑතකදි පැවැති ඇමරිකා එක්සත් ජනපදයේ හවායි, හොනෝළුලු (Honolulu, Hawaii, USA) හී එක්සත් ජාතින්ගේ ශාන්තිකර කලාපීය පාබල හමුදා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය - 2018 සඳහා සහභාගිවී පැමිණි අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සමකාලීන යුද ඉතිහාසයේ පෙර නොවූ විරූ නිදසුනක් ලෙස සලකා බැලිය හැකි .....
2018-06-06 21:02:29
පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් 32 ක් ඇතුළු විදේශීය නිලධාරින් දෙදෙනකු වෙත උපාධි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය බදාදා (06) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
2018-06-06 17:11:53
පුදුකුඩියිරිප්පු, විෂ්ණමඩු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ කරන ලද සටනක දී දරුණු ලෙස තුවාල ලැබ ආබාධිත තත්ත්වයට පත්වූ ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ඩබ්ලිව්.කේ.එස්. ලක්මාල් ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නිවසක් බදාදා (06) දින උදෑසන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රදානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2018-06-02 11:36:19
නුදුරේදී පැවැත්විමට නියමිත දකුණු ආසියානු කලාපීය සිවිල් කටයුතු සබැඳි සම්මන්ත්‍රණයට පෙර ශ්‍රී ලංකාවේ සිවිල්-ආරක්ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් (Civil-Military Cooperation (CIMIC) projects) පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ (USPACOM) හි නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් සිකුරාදා (01) දින යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-05-31 17:57:53
‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිවාරය බ්‍රහස්පතින්දා (31) දින උදෑසන බුත්තලදී ආරම්භ කරන ලදී.