2018-10-11 12:56:10
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන රාගම, රණවිරු සෙවණේ දී කෘතීම අත් පා නිෂ්පාදනාගාරයක් සහ 15,000 කට අදික ආබාධිත රණවිරුවන්ට ශාරීරිකව ඉමහත් ශක්තියක් ලබාදෙමින් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඔක්තෝම්බර් මස 10 දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලැබූ උත්සවයක දී විවෘත කරනු ලැබීය.
2018-10-09 22:30:33
දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතාදුෂ්කරතා මධ්‍යයේ කැපකිරීමෙන් යුක්තව අත්පත් කරගත් සාමය සහ ජාතික ආරක්ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම කාර්යයක් ඉටු කිරීමට මෙන්ම මාතෘ භූමියේ ඇතිවියහැකි ඕනෑම කැරලිකාරී තත්ත්වයක් මඟහරවා ගනීමින් ජාතියේ ආරක්ෂාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉතා සුදානමින් යුක්තව ක්‍රියා කරන බවත් 69 වන....
2018-10-08 12:42:07
යුද්ධ හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් ඉරිදා (7) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදි.
2018-10-05 20:25:25
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (05) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදා නිලධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.
2018-10-04 21:07:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී බ්‍රහස්පතින්දා (04) දින පැවැත්විණි.
2018-10-03 15:34:43
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් ආගමික නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2018-10-02 20:53:00
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ කතෝලික දේවමෙහෙය අඟහරුවාදා (02) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
2018-10-01 19:02:32
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් සහ සෙසුනිලයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2018-09-28 19:16:36
දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්, ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුම ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන යුද්ධ හමුදා දිනයට සමඟාමීව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වලින් ආරම්භ විය.
2018-09-25 14:19:26
බෙංගාලයේ ආරම්භ කරනු ලැබු බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුව කලාපීය යහපැවැත්ම සඳහා විසඳුම් සෙවීමේ අරමුණන් සාමාජික රාජ්‍යන්හි යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ, පූනේ හිදී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේ පළමු සමුළුව දකුණු ආසියාවේ දී පැවැති අතර, ඉන්දිය යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු මෙවර වැඩමුළුවේ....