2022-11-27 05:39:32
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 50 - ඒ, බී, සී,ඩී,ඊ හා එෆ් යටතේ පුරා මාස 18 කට අධික කාලයක් ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 366 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය පසුගිය සෙනසුරාදා (26) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-11-23 19:41:36
යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවීනතම සෞඛ්‍ය ප්රතිලාභ පිරිනමනු ලබන ‘නවලෝක විරුසුව සරණ’ වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම අද (23) දින පෙරවරුවේ නවලෝක රෝහල් පරිශ්‍රයේදී සිදු වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ද එක්වූහ.
2022-11-12 20:10:22
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ආර්ථික දුෂ්කරතා අවම කරගැනීමට යම් කිසි සහනයක් සැලසීමේ අරමුණින් ඔවුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පනාගොඩ යුද්ධ හමුදා ජනපද පරිශ්‍රයේදී සහ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (12) පවත්වන ලදී.
2022-11-04 18:08:04
මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ අභියස පවත්වනු ලබන ප්‍රථම කඨින චීවර පූජාව ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022-10-29 22:41:09
මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මෙහෙයුමක් සිදුකිරීමට නිරතුරුවම සූදානමින් සිටිමින් ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 52 සහ 53 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 19 දෙනෙකු සහ සෙසුනිලයින් 595 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (29) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
2022-10-26 13:17:48
මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 3744 දෙනෙකුගේ අසමසම පරිත්‍යාගය, වීරත්වය, කැපවීම සහ මෙහෙවර සිහිපත් කිරීමේ ඒකායන අරමුණින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිකර ඇති දකුණු ආසියාවේ විශාලතම රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (25) දින එම වීරෝදාර රණවිරුවන්ගේ භාර්යාවන් හා දූදරුවන්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
2022-10-22 10:01:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂී නිපුණතාවයකින් හෙබි අතිරේක ප්‍රහාරක බලකායකින්, විශේෂ ක්‍රියාන්විත බලකායකින් සහ අනෙකුත් සන්නද්ධ අංශයන්ගෙන්ද සමන්විත 1 වන බලකායේ පළමු සංවත්සර සැමරුම් උත්සවය පසුගිය සිකුරාදා (21) දින කිලිනොච්චියෙහි පිහිටි එම බලකා මූලස්ථාන පරිශ්‍රයේදී...
2022-10-14 18:27:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ සංවත්සර දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 14 වන දිනට යෙදෙන අතර, ඒ අනුව මෙවරද අභිමානවත් වූ එම රෙජිමේන්තුවේ 39 වැනි සැමරුම් උත්සවය ඔක්තෝබර් මස 14 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එහිදී දේශය ආරක්ෂා කිරීම සඳහා එක පවුලක් ලෙස දැක්වූ දායකත්වය පිළිබිඹු කරමින් ඔවුන්ගේ මතයකයන් අවර්ජනය කරයි.
2022-10-10 00:09:11
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පණිවිඩයක් නිකුත් කරමින්, ජාතික ආරක්ෂාවට පවතින තර්ජන හඳුනාගනිමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමත්, අනාගතයේදී එල්ල විය හැකි ඕනෑම අභියෝගයක් ජයගැනීමට අප එකමුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන වගකීම වන බව ප්‍රකාශ කළේය.
2022-10-08 15:36:58
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගෞරුතර මහා සංඝරත්නය භක්ත්‍යාදරයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත වැඩම කරවීමෙන් සිකුරාදා (07) දින බුද්ධාලම්භන ප්‍රීතියෙන් පැවැත්විණි.