2019-05-18 22:00:33
වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් වෙසක් පූර පසළොස්වක පොහෝදින (සෙනසුරාදා 18) දවසපූරා පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සීල සමාදන වැඩසටහනක්, ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් සහ බෝධි පූජා පිංකමක් යුද්ධ හමුදාව විසින් පවත්වන ලදි.
2019-05-18 00:00:22
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් සියලුම ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත සාමයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි !
2019-05-16 21:18:55
රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවූන්හට උපහාර දැක්වීමේ දිනය මැයි මස 19 දිනට යෙදී ඇති අතර එදින සිට 2019 මැයි මස 22 දින දක්වා ‘දසවර්ෂාභිශේක’ රණවිරු උපහාර උත්සව මාලාවට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීම, පොල්තෙල් පහන ආලෝකමත් කිරීම, නව කාසියක් නිකුත් කිරීම,...
2019-05-16 13:12:54
ස්විට්සර්ලන්ත තානාපති ගරු හෑන්ස් පීටර් මොක් මහතා (Mr Hans Peter Mock) බ්‍රහස්පතින්දා (16) දින කොළඹ, යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපති කාර්යාලය අභියස දී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් ස්විට්සර්ලන්ත තානාපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති මෙම සුහද හමුවේදී වැදගත් කරුණු රැසක් හුවමාරු කරගනු ලැබීය.
2019-05-13 14:37:55
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස නව ධූරයේ රාජකාරී භාරගත් අතිගරු ඩේවිඩ් හොලි (David Holly) සඳුදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී ද්වීපාර්ශවික වශයෙන් වැදගත්කමක් ඇති කරුණු කිහිපයක් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.
2019-05-10 16:46:35
ඉඩම් දේපළ හා භටනිවාස අධ්යක්ෂ විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය පුළුල් කිරිම උදෙසා බස්නාහිර පළාතේ සේවය කරන යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විවිධ තනතුරු දරණ නිලධාරීන් වෙනුවෙන් මැනිං ටවුන්හිදී විවාහක නිලධරීන් සඳහා නිවාස 20 කින් සමන්විත වන මෙම ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශණය මත ඉදිකිරිමට නියමිතව ඇත. ඒ අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය සහ....
2019-05-07 14:18:21
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවට සහතික විය.රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව තර කළ හැකි එකම ආරක්ෂක කණ්ඩායම ආරක්ෂක හමුදාව වන අතර විවිධ පුද්ගලයින් විසින් පතුරුවන කටකතා සහ අසත්‍ය තොරතුරු වලට ගොදුරු නොවිය යුතුය. සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිසිය එක්ව දිවයින පුරා සියලුම පාසල්වලට ආරක්ෂාව ලබාදී ඇත. රට තුල කිසිදු ආරක්ෂාවක් නොමැති බවට පැතිරයන වාර්තා ප්‍රතික්ෂේප කරන අතර ආරක්ෂාව තහවුරු කිරීම ආරක්ෂක අංශයේ වගකිමයි.
2019-05-05 15:20:06
පාස්කු ඉරිදා දේවමෙහෙයන්හි නියැලි සිටි අහිංසක මිනිසුන් ඉලක්ක කරගනිමින් එල්ලවූ මේලේච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ඇතිවූ සියලු ආගමික ප්රජාවන්ගේ සාමකාමී සහජීවනය නැවත ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජ කිහිපයක් ඒකාබද්ධව ආරක්ෂක හමුදාවන් සහ අනෙකුත් රාජ්‍ය බලධාරීන් සමඟ අත්වැල් බැඳගනිමින් බෞද්ධ, කතෝලික, හින්දු හා මුස්ලිම් පූජකවරුන්, ආරක්ෂක හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්රමුඛ සිවිල් ක්‍රියාකාරි නියෝජිතයින් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (4) දින උදෑසන කොළඹ 07 නිදහස් චතුරස්රයේදී පැය 03 කට ආසන්න කාලයක් ‘සාමුහිකත්වය සහ සාමය කැඳවාලීම’ යන තේමාව යටතේ වැඩසටහනක් පවත්වන ලදී.
2019-05-02 22:39:30
යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව බ්‍රහස්පතින්දා (2) දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු අතර, එහිදි යුද්ධ හමුදා භටපිරිස් විසින් අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, සහ වෙනත් යුද උපකරණ රැසක් සොයාගැනීමට හැකිවී ඇත.
2019-05-01 17:14:08
පසුගිය පැය 12 තුළ දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති අතර අනෙකුත් සහෝදර කණ්ඩායම් සමග සමීප සම්බන්ධතාවයෙන් යුතුව සේරුනුවර, සමන්තුරේ, එරාවූර්, කල්මුනේ ආදී නැගෙනහිර පළාතේ ප්‍රදේශයන්හී මෙන්ම බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පවතින කොටියාකුඹුර, කෑගල්ල....